Connect with us

පුවත්

ළහිරුගේ පියානෝව සෙවූ පොලිසියේ 2ක් ගැන විශේෂ විමර්ශනයක්!

Published

on

ප්‍රසිද්ධ ගායන ශිල්පී ලහිරු පෙරේරාට අයත් පියානෝවක් සොරාගැනීමකට සම්බන්ධ පුද්ගලයෙක් සොයා දිවුලපිටියේ නිවෙසකට පෙරේදා (27) අලුයම් කාලයේදී කඩා වැදුණු ගම්පහ පොලිසියේ නිලධාරීන් දෙදෙනෙක් ඇතුළු පුද්ගලයන් පිරිසක් එම නිවෙසේ රැඳී සිටි පිය පුතු දෙදෙනකුට පහරදීමක් සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙම පහරදීමෙන් තුවාල ලැබූ පිය පුතු යුවළ රෝහල්ගතව ඇතැයි ද පැවසේ.

ගායන ශිල්පියාගේ පවුලේ සාමාජිකයන්ට අයත් ගම්පහ පිහිටි බේකරියක් බලා ගනු ලබනුයේ අදාළ පවුලේ සාමාජිකයෙකු විසින් බව ද වාර්තා වේ.

ගායන ශිල්පියාට අයත් පියානෝවක් ඇතුළු සංගීත භාණ්ඩ කිහිපයක්ම තිබී ඇත්තේ බේකරිය පිහිටි ගොඩනැඟිල්ලෙහිය.

ටික දිනකට පෙර එම පියානෝව අතුරුදන්ව ඇති බවත් ගායන ශිල්පියා සහ ඔහුගේ සහෝදරයා විසින් ඒ ගැන කළ සොයා බැලීමේදී එම ඥාති අය  විසින් එය සොරාගෙන ගොස් ඇති බව හෙළිව තිබේ.

ඒ අනුව මේ ගැන ගම්පහ පොලිසියට පැමිණිල්ලක් ද ලැබී තිබී ඇත.

එම පැමිණිල්ලට අනුව ගම්පහ සහකාර පොලිස් අධිකාරීවරයාගේ දැනුම්දීමකට අනුව ගම්පහ මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් නිලධාරීන් කිහිප දෙනෙකු පසුගිය 26 වැනිදා පෙරවරුවේ සැකකරු රැඳී සිටින බව කියන දිවුලපිටිය සල්ගාදුවත්තේ පිහිටි නිවෙසට සැකකරුට පොලිසියට පැමිණෙන පොලිස් නිලධාරීන් නිවැසියන්ට දැනුම්දී ඇත.

එසේ දැනුම්දීමක් කර තිබියදීත් පෙරේදා (27) අලුයම 1.00ට පමණ පොලිස් නිල ඇඳුමින් සිටි නිලධාරීන් දෙදෙනෙක් ඇතුළු සිවිල් පුද්ගලයින් පිරිසක් මෙම නි‍වෙසට ගොස් සැකකරුව සොයා නිවෙසේ ඒ වන විට රැඳී සිටි පිය පුතු දෙදෙනකුට පහරදී ඇති බව පැවසේ.

පහර දුන් එක් නිලධාරියෙකුව නිවැසියන් විසින් හඳුනාගෙන ඇති අතර ඔහු ගම්පහ පොලිසියේ සේවයේ නිරතව සිටින සැරයන්වරයෙකු බව ඔවුන් පොලිසියට පැමිණිල්ලක් කරමින් සඳහන් කර තිබේ.

ඒ අනුව ඔහු සමඟ මෙම පහරදීමට ගිය අනෙක් නිලධාරියා සොයා විමර්ශන පැවැත්වෙන බව ද එම උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

මූලාශ්‍රය – දිනමිණ

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved