Connect with us

පුවත්

ෆින්ට්‍රෙක්ස් ෆයිනෑන්ස් ලීසිං රථගාලේ රථයකින් කෝටියක කුඩු මතුවෙයි

Published

on

ෆින්ට්‍රෙක්ස් ෆයිනෑන්ස්  ලිමිටඩ්  (Fintrex Finance  Limited) ලීසිං වාහන අංගණයේ ගාල්කර තිබූ වෑන් රථයක සඟවා තිබූ රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුතු ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 116ක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (05) සොයාගෙන ඇත.

පසුගිය වසරේ ජූලි මස 10 වැනිදා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් වත්තල ප්‍රදේශයේදී මෙම වෑන් රථය සහ සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4 ග්‍රෑම් 329ක්ද සමගිනි.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වාහනය ලීසිං සමාගමට මුදාහැර තිබේ. 

පසුව එම රථය කැලණිය බොල්ලෑගල පිහිටි එම ආයතනයේ රථගාලේ ගාල් කර තිබී ඇත. ප්‍

රධාන පොලිස් පරීක්ෂක කේ.එස්. දොලමුල්ලට පුද්ගලික ඔත්තුකරුවකු මාර්ගයෙන් දැනගැනීමට ලැබී ඇත්තේ එම වාහනයේ තවත් මත්ද්‍රව්‍ය සඟවා තිබෙන බවකි.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම ආයතනයේ අවසරය සහිතව වාහනය පරික්ෂා කිරීමේදී බපරය තුළ සඟවා තිබී මෙම මත්ද්‍රව්‍ය සොයාගත් බව පොලිසිය පවසයි.

මෙම වෑන් රථය ජූලි මස අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිටි මන්නාරම ප්‍රදේශයේ පදිංචි සැකකරු මේ වන විටත් බන්ධනාගාරගතව සිටින බවද පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved