Connect with us

පුවත්

ෆේස්බුක් සටහනක් දැමූ ගුරුවරියක් ගැන විමර්ශනයක්

Published

on

ගුරුවරුන් සඳහා පුහුණු සැසි සතිඅන්ත දිනවල හෝ පාසල් නිවාඩු කාලයේ පැවැත්වීමට නියෝග කිරීමට  විරෝධය දක්වමින් ෆේස්බුක් හි සිදු කළ පළ කිරීමක් හේතුවෙන් ගුරුවරියකගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

සතියේ දිනවල ගුරුවරුන් සඳහා පුහුණු සැසි පැවැත්වීම මැයෙන් මධ්‍යම පළාත් හිටපු අධ්‍යාපන ලේකම්වරයා විසින් නිකුත් කළ ලිපියක් සහ ඒ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය නිකුත් කළ ලිපියක් පිළිබඳව තිළිණි ෂැල්වින් මහත්මිය අගෝස්තු 14 වන දින ෆේස් බුක් සටහනක් පළ කර තිබුණි.

ඒ අනුව, තිලිණි ෂැල්වින් මහත්මියට එරෙහිව සිදු කෙරෙන මූලික විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඊයේ (09) දින ඇයව මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ලංකා ගුරු සංගමය අවධාරණය කළේ වෘත්තීය සමිති ක්‍රියාකාරිනියක ලෙස අදහස් දැක්වීම හේතු කොටගෙන එම ගුරුවරියට එරෙහිව මූලික විමර්ශනයක් සඳහා ප්‍රකාශ ලබා ගැනීම ඇගේ භාෂණයේ නිදහස බරපතල ලෙස උල්ලංඝණය කිරීමක් බවය.

ලංකා ගුරු සංගමය පවසන්නේ, මධ්‍යම පළාත් හිටපු අධ්‍යාපන ලේකම් විසින් මධ්‍යම පළාතේ ගුරුවරු සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ Xඓඓ පරිච්ඡේදයේ 24 වන්තියෙහි සඳහන් විධිවිධාන උල්ලංඝණය වන ආකාරයෙන් අනීතික නියෝගයක් නිකුත් කිරීම හා ඒ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය කරන ලද මැදිහත්වීම පිළිබඳව ඇය අදාළ සමාජ මාධ්‍ය අදහස් දැක්වීම කර තිබු බවය.

ලංකා ගුරු සංගමය මගින් එම නියෝගය අනීතික බව පෙන්වාදීමෙන් අනතුරුව එච්. එම්. එම්. යූ. බී. හේරත් මධ්‍යම පළාත් හිටපු අධ්‍යාපන ලේකම්වරයා විසින් එම අනීතික නියෝගය අත්හිටුවන බවද ලංකා ගුරු සංගමය පෙන්වා දෙයි.

එවැනි පසුබිමක එම නියෝගය සම්බන්ධයෙන් කළ අදහස් දැක්වීම මත තිලිණි ෂැල්වින් ගුරු මහත්මියට එරෙහිව  විමර්ශනයක් සිදු කිරීම කනගාටුදායක තත්වයක් බවත් එම විමර්ශනය වහා නතර කරන ලෙසත් ලංකා ගුරු සංගමය ඉල්ලා සිටියි.

මේ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය නිකුත් කළ නිවේදනය පහතින්,

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (02) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, July 1, 2025

Continue Reading

පුවත්

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට

Published

on

By

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට (03)  ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06ක් වෙන් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ, අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවය.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ,
නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්,
සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්
කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත්
 මිලදී ගන්නා බවය.

Continue Reading

පුවත්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති

Published

on

By

සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවය.

අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන, ප්‍රශ්න කෙරෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදන වලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම පනත අහෝසි කිරීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved