Connect with us

පුවත්

ෆොක්ස්හිල්‘ අනතුරේ රියැදුරන් රිමාන්ඩ්

Published

on

දියතලාව නරියාකන්ද “ෆොක්ස්හිල් සුපර් ක්‍රොස් තරඟයේ” මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මෝටර් රථ තරගකරුවන් දෙදෙනා මේ මස 30 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ඇන්ටනි එස්.පීටර් ෆෝල් මහතා අද (22) නියම කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූයේ දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ තරගයට ඉදිරිපත් වී තරග අංක5 යටතේ තරග කල මාතර  මැදපාර හිත්තැටිය ප්‍රදේශයේ පදිංචි රංජිත් උඩුවිට (36) සහ  තරග අංක 196 යටතේ තරග වැදුන පේරාදෙණිය  මාකන්ද ප්‍රදේශයේ පදිංචි ඒ.එම්.ඩිලාන් සංජීව  (47) යන  දෙදෙනාය.

මොවුන් දෙදෙනා ඊයේ (21) දියතලාව  නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ තරගයට ඉදිරිපත් වී තරග වදිමින් සිටියදී මොවුන්ගේ මෝටර් රථ දෙක හදිසි අනතුරකට ලක්වීමෙන් අවුරුදු 8 ක කුඩා දැරියක ඇතුලු හත්දෙනෙකු මියගොස් 21 දෙනෙකු බරපතළ තුවාල ලබා දියතලාව මූලික රෝහලට සහ බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබූහ .

මින් කිහිපදෙනක් ගේ තත්ත්වය බරපතළ බවද රෝහල් ආරංචි මාර්ග පැවසීය .

මෙම ෆොක්ස්හිල් මෝටර්රථ අනතුරින් තුවාල ලැබු මෙම තරගකරුවන් දෙදෙනාද දැනට දියතලාව මූලික රෝහලේ  පොලිස් නිලධාරීන් ගේ ආරක්ශාව යටතේ  නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙන අතර , බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ඇන්ටනි  එස්.පීටර් ෆෝල් මහතා අද (22) දහවල් දියතලාව මූලික රෝහලට පැමිණ  තරගකරුවන් දෙදෙනා නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝහලේ වාට්ටුවට ගොස් පරික්ෂා කර බලා සැකකාර තරගකරුවන් දෙදෙනා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළහ.

ඌව පලාත් භාර නියෝජ්‍ය පොලිස්පති ඒ .එම්.උපුල් චන්දන බණ්ඩාරවෙල ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් කලුපහන පොලිස් අධිකාරි ඩී .බී එච් කළණසිරි සහකාර පොලිස් අධිකාරි ඉව් රුවන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත දියතලාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සාගර දයාරත්න මහතා ඇතුලු නිලධාරීන් වැඩිදුර පරික්ෂණ පවත්වති 

(Lankadeepa.lk)


(පෙර පුවත: 2024 අප්‍රේල් 22, පෙ.ව.11:04)

ෆොක්ස්හිල් අනතුර : රියදුරන් දෙදෙනෙකු අත්අඩංගුවට

ඊයේ (21) දින දියතලාව ෆොක්ස් හිල් මෝටර් ධාවන තරගය අතුරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ රියදුරන් දෙදෙනෙකු, තුවාල ලබා රෝහල්ගත කර සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරයි.

වසර 05කට පසුව ඊයේ දින ඇරඹුනු 2024 ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගාවලිය මේ වන විට අත්හිටුවා ඇති අතර, සිද්ධිය සම්බන්ධ පරීක්ෂණයක් ද අරඹා තිබේ.

මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව තිබුණු අතර සිද්ධියෙන් දරුවෙකු ඇතුළුව සත්දෙනෙකු මියගොස් 23 දෙනෙකු තුවාල ලබා ඇත.

(ඡායාරූපය : Accident1st)

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved