Connect with us

පුවත්

ෆොන්සේකාගෙන් ගැලවුණ කැලණිය අර්ජුනට

Published

on

ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ගොඩනැගෙන සමගි ජනබලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය හා එක් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතාට සජබ කැලණිය සංවිධායක ධූරය ලබාදීමට මේවන විට සාකච්ඡා පැවැත්වෙමින් ඇතැයි සජබ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

අද (09) දිනයේ පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපති ධූරයෙන් මෙන්ම කැලණිය ආසන සංවිධායක ධූරයෙන්ද ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර තිබිණි.

ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්‍ෂකයෙක් ලෙස ඉදිරිපත් වන්නේ යැයි නිල වශයෙන් නිවේදනය කිරීම සඳහා බත්තරමුල්ලේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා මහතා මේ බව පැවසීය.

එම මාධ්‍ය හමුවේදී, යුද හමුදාපතිවරයා ලෙස යුද්ධය අවසන් කරන්නේ යැයි කළ පොරොන්දුව ඉටුකළා මෙන්ම ජනාධිපතිවරයා බවට පත්වී රට වෙලාගෙන සිටින දූෂණය සහ විනය කඩා වැටීමෙන් මුදාගන්නා බවත්ෆී ල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

වර්තමාන පාර්ලිමේන්තුවට රට පත්ව සිටින අවාසනාවන්ත තත්වයෙන් ගලවාගැනීමේ හැකියාවක් නොමැති බවත් ඔහු කීය.

දියුණු රටවල් බවට පත්ව තිබෙන ලොව බොහෝ රටවල් ප්‍රතිපතියක් ඇති එකම නායකයෙක් පමණක් දියුණු කළ ඒවා බව කී ඒ මහතා පක්‍ෂ දේශපාලනයට ශ්‍රී ලංකාව දියුණු කළ නොහැකි බව ද සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ සිටින අයගෙන් වැඩි පිරිසකට රට වැටී ඇති තත්වය පිළිබඳව කිසිඳු හැගීමක් නොමැති බවත් මෙරට ජනතාවගෙන් ලක්‍ෂ 25 ක් පමණ පක්‍ෂවලට දැඩිව බැදී සිටීම ගැටලුවක් බවත් ඒ මහතා කීය.

සමඟි ජන බලවේගයේ සභාපති ධූරයෙන් සහ කැලණිය ආසන සංවිධායක ධූරයෙන් ඉවත් වූ බවත් එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමිකිරීම දීර්ඝ කාලීන ක්‍රියාවලියක් වීම නිසා එයට නීතිය හරහා මුහුණ දෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

පක්‍ෂයට එරෙහිව කටයුතු කිරීමෙන් සිය පෞද්ගලිකව දේශපාලනය අවදානමකට ලක්ව තිබුණත් එය තමන් දැන සිටි බවත් පෞද්ගලික දේශපාලනය සඳහා නොව රට වෙනුවෙන් යුතුකම ඉටු කිරීමට පක්‍ෂයට එරෙහි වූ බවත් ඒ මහතා පැවසුවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉවත්වීමෙන් පසුව ආණ්ඩුව භාරගැනීමට විපක්‍ෂ නායකවරයා කටයුතු නොකිරීම සහ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා වූ ඡන්දයට විපක්‍ෂ නායකවරයා ඉදිරිපත් නොවීම ඩලස් අලහප්පෙරුම මහතාට සහයෝගය දැක්වීම යන සිද්ධි දෙක පක්‍ෂය සමඟ හොඳ හිත පළුඳු වීමට ප්‍රධාන හේතුව බවත් විපක්‍ෂය ආණ්ඩුවක් භාරගත යුත්තේ වැටී තිබෙන අවස්ථාවේදී බවත් ඒ මහතා සඳහන් කළා.

සමඟි ජනබලවේගයේ නායකයාට පක්‍ෂය නිවැරදි කිරීමේ කිසිඳු උවමනාවක් නොමැති වීම නිසා එම පක්‍ෂයත් සමඟ සම්බන්ධයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් නොමැති බව කී සරත් ෆොන්සේකා මහතා සමඟි ජනබලවේගය නිවැරදි වන්නේ නම් ගැටමක් නොමැති බවත්ය.

මෙරට ඉතිහාසයේ පැවැති ප්‍රධාන පක්‍ෂවල ජයග්‍රහණය කරන තත්වයක් නොමැති මෙන්ම ප්‍රබල පක්‍ෂ විනාශ වී අවසන් බවත් ජනාධිපතිවරණයේදී මාලිමාවට සහයෝගය දීමේ කිසිඳු සූදානමක් නොමැති බවත් ෆොන්සේකා මහතා පැවසීය.

ජාතික ජනබලවේගයට සම්බන්ධ පිරිසක් තමන් සමඟ සිටින බවත් එම පිරිස ජාතික ජනබලවේගය සමඟ සාකච්ඡා කළ ද එම සාකච්ඡා අසාර්ථක වූ බවත් ඒ මහතා සඳහන් කළේය.

ජාතික ජනබලවේගයට සහය දැක්වීමක් ඉදිරියේදී කිසිඳු අවස්ථාවක නොවන බව කී සරත් ෆොන්සේකා මහතා පැවසුවේ වසර 75 ක් රට විනාශ කළ අයට නැවත බලය නොදීමට ජනතාව බුද්ධිමත් වියයුතු බවත්ය.

සබැඳි පුවත් :

ෆොන්සේකා දොට්ට දාලා, නාලක කැලණියට දාලා, කබීර් සභාපති පුටුවට දාන්න යයි

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved