Connect with us

පුවත්

ෆොනී සජිත්ව දණ ගස්සයි; කැලණියේ නාමයෝජනා අවුලක්

Published

on

පළාත් පාලන මැතිවරණය සඳහා සමගි ජන බලවේගයේ කැලණිය ප්‍රාදේශීය සභාවට නාමයෝජනා ලයිස්තුව සකස් කිරීමේදී සජබ බිම් මට්ටමේ ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු කපා දමා ඇතැයි වාර්තා වේ.

මෙසේ කපා දමා ඇති අය අතර කැලණිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයාව සිටි විපුල පීරිස් මහතා ද ඇතැයි පැවසේ.

විපුල මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා අතර ඇති කෝන්තරයක් ඊට හේතුවී ඇති බව සජබ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙසේ කැලණිය විපක්ෂ නායකවරයාට නාමයෝජනා ලබාදී නැත්තේ සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය හිටපු මන්ත්‍රීවරුන්ට නාමයෝජනා ලබාදීමට ඒකමතිකව තීන්දු කර තිබියදීය.

මේ ගැටුම සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, හර්ෂ රාජකරුණා, කබීර් හෂීම් මෙන්ම බොහෝදෙනෙකු දන්නා බවද පැවසේ.

එසේම ශ්‍රී ලංකා මිරර් වෙත ලැබෙන ආරංචි මාර්ග අනුව පීරිස් මහතාගේ නම ලයිස්තුවට ඇතුළත් කිරීමට සජබ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ද අනුමැතිය ලැබුණු පසුව ෆොන්සේකා මහතා පීරිස් මහතාගේ නම ලයිස්තුවට එක්කරන්නේ නම් තමා සජබයෙන් ඉවත්වන බවට නායක සජිත්ට තර්ජනය කර අදාළ නම ඉවත්කර ඇතැයි ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වේ. 

පුවත්

තවත් පිරිසක් සජබය සමඟ එක්වේ

Published

on

By

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සංවිධායකවරුන් කිහිප දෙනෙකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගය සමග එක්වී තිබේ. 

ඒ සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක ජන පවුර වැඩසටහනේ පොළොන්නරුව දිස්ත්‍රික් රැස්වීම පැවැති අවස්ථාවේදී ය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ හිටපු අමත්‍යවරයකු වූ නන්දසේන හේරත් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන් ම මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යයක්ෂවරයකු ලෙස කටයුතු කළ තිලක් මහලේකම්ගේ මහතා ද සමගි ජන බලවේගය හා එක්විය.

තවද ජනතා විමුක්ති පෙරමුණේ පොළොන්නරුව නගර සභාවේ අපේක්ෂකයෙකුව සිටි එච්. සමන්ත බණ්ඩාර මහතා ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.

Continue Reading

පුවත්

ලෝක ප්‍රසිද්ධ සුරතලා මිය යයි

Published

on

By

ක්‍රිප්ටෝ මුදල් ඒකකයක් වන ඩොජ්කොයින්හි සංකේතය වන සුනඛ මුහුණට හිමිකම් කියන කබොසු සුනඛයා මිය ගොස් තිබේ.

ෂීබා ඉනූ සුනඛ වර්ගයට අයත් කබොසු ලියුකේමියාව හේතුවෙන් මියගොස් ඇත.

එම සුරතලාගේ හිමිකරු වන්නේ ජපානයේ ගුරුවරයෙකි.

Continue Reading

පුවත්

අපිරිසිදු දන්සල් 20කට නීතිමය ක්‍රියාමාර්ග

Published

on

By

දිවයින පුරා පවත්වනු ලැබූ දන්සල් 20,000ක් පරීක්ෂාවට ලක්කළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ විධායක සාමාජික සඳුන් හේමන්ත රත්නායක මහතා පවසයි.

එහිදී අපිරිසිදු තත්ත්වයේ පවත්වාගෙන ගිය දන්සැල් 20කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් බව සඳුන් හේමන්ත රත්නායක මහතා විසින් පවසන ලදී.

කොළඹ නගර සීමාවේ දන්සැල් 4000ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර , එයිනුත් අපිරිසිදු තත්ත්වයේ තිබූ දන්සැල් 5කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් බවයි සඳහන් වේ.

මෙහිදී බත්, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, සීනි සම්බල් පාන්, කඩල, මඤ්ඤොක්කා, බීම දන්සල් පරීක්ෂාවට ලක්කර ඇත.

ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 1800ත් 2000ත් අතර පිරිසක් සහභාගී වූ බව සඳහන් වේ.

දන්සැල් පරීක්ෂාව ලබන 27 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved