පුවත්

අංගොඩ ලොක්කාගේ අවි හරක් කටා පන්නලා!

Published

on

අංගොඩ ලොක්කා මරණයට පත්වූ පසුව තැන් තැන්වල තිබූ අලුත්ම ගිනි අවි 25 ක් හා කෝටි ගණනක දේපළ පාතාල නායක හරක් කටාගේ පාර්ශ්වය අතට පත්වී ඇතැයි විමර්ශන කණ්ඩායම් අනාවරණය කර ගෙන ඇත.

අංගොඩ ලොක්කාගේ පාර්ශ්වය වෙත පාකිස්තාන් කුඩු ජාලයෙන් ලැබී තිබූ හෙරොයින් තොග සමග මෙම පිස්තෝල එවා ඇතැයි හෙළිවී තිබේ.

අංගොඩ ලොක්කා ඉන්දියාවේදී මරණයට පත්වූ පසුව අංගොඩ ලොක්කා ජීවතුන් අතර සිටින බව ඒත්තු ගැන්වීමට ඔහුගේ ළඟම ක්‍රියාකාරීන් වෙත එස්.එම්.එස් පණිවිඩ යවා ලොක්කාගේ කල්ලියේ තිබූ ආයුධ, මත්ද්‍රව්‍ය හා මුදල් රැගෙන ගොස් ඇතැයි ද මේ වන විට හෙළිවී ඇත.

මෙතෙක් කරන ලද විමර්ශනවලදී අංගොඩ ලොක්කාගේ කල්ලියෙන් පැන්නූ අවි ආයුධ සොයා ගැනීමට අපොහොසත්වී ඇතැයි අරුණට අනාවරණය විය.

මූලාශ්‍රය – අරුණ

Trending

Exit mobile version