Connect with us

පුවත්

අක්ෂිකාච මගඩියට CID පැමිණිල්ලක්

Published

on

අභ්‍යන්තර අක්ෂි කාච ටෙන්ඩරයක් ලබා ගැනීමේදී සැපයුම්කරු ඉදිරිපත් කර ඇති පිරිවිතරයන් (specifications) හා සාම්පල නොගැලපීම හේතුවෙන් ඒවා බාර ගැනීම වෛද්‍ය සැපයීම් අංශය විසින් ප්‍රතික්ෂේප කර තිබියදී එහි නිලධාරීන් කිහිපදෙනෙකු ඒවා සම්බන්ධයෙන් නැවත පරීක්ෂණයක් කර ඒවා බාර ගැනීමට උත්සාහ කිරීම මගඩියක් බව කියමින් පරපුරක බලය සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට සැරසේ.

එහි ජාතික සංවිධායක මාධ්‍යවේදී තිළිණ අලහකෝන් මහතා ශ්‍රී ලංකා මිරර් වෙත කියා සිටියේ ඉදිරි දින කිහිපය තුළ ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරන බවයි.

පීටීසී හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම (P.T.C Holdings (Private) Limited) විසින් අදාළ ටෙන්ඩරය ලබාගෙන ඇති අතර එහි අධ්‍යක්ෂවරුන් ලෙස ගිහාන් බෙනරගම, ගිම්හානා වික්‍රමසුරේන්ද්‍ර හා ජාලිය වික්‍රමසුරේන්ද්‍ර යන මහත්ම මහත්මියන් මෙහි අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරන බව පැවසේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා දිගින් දිගටම පළවුවද, සෞඛ්‍ය අමාත්‍යංශ්‍ය හො ටෙන්ඩරය ලබාගත් පීටීසී හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම (P.T.C Holdings (Private) Limited) මෙතෙක් කිසිදු ප්‍රකාශයක් නොකිරීමද විශේෂිතය.

එම සංවිධානයේ මහ ලේකම් ලෙස චාමර නාකන්දල මහතා කටයුතු කරන අතර ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන බවද ඔවුහු කියා සිටියහ.

සැබැඳි පුවත්:

බෙනරගමලාට අක්ෂිකාච ටෙන්ඩරය දුන්න අයෙක් රිමාන්ඩ්එකේ

ප්‍රමිතියෙන් තොර කාච ගෙන්වූ කොම්පැනියට තවත් කාච හැත්තෑදාහක් ගේන්න ටෙන්ඩර දීලා

ප්‍රමිතියක් නැති අක්ෂි කාච ගෙන්නුවේ බෙනරගමගේ පුතාගේ කොම්පැණියෙන්!

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved