Connect with us

පුවත්

අක්ෂි ශල්‍යකර්මයකින් කතක් මියගියේ ප්‍ර‌ොපොෆෝල් ඔසුවේ අවුලකින්?

Published

on

කොළඹ ජාතික අක්ෂි රෝහලේදී ඇසේ ශල්‍ය කර්මයක් සිදුකළ කාන්තාවක් මියයාම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකළ යුතු බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

එහි සභාපති රවී කුමුදේශ් මහතා පවසන්නේ අදාළ කාන්තාවට ලබාදුන් නිර්වින්දන ඖෂධයේ සිදුවු යම් සංකූලතාවක් හේතුවෙන් එම මරණය සිදුවන්නට ඇති බවට සැක පළ කරන බවය.

ජාතික අක්ෂි රෝහලේ දී ඇසේ ශල්‍ය කර්මයක් කළ කාන්තාවක් ශල්‍යකර්මයෙන් පසු සිහි නොලබා මියගොස් ඇති බවට ඊයේ (05) දිනයේ වාර්තා වුණි.

මෙලෙස මියගොස් ඇත්තේ දෙදරු මවකි.

ඒ සම්බන්ධයෙන්  සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා වැඩිදුරටත් මෙසේ කීය.

“මෙය මියයෑම පිළිබඳවත් සැකයක් ඇතිවෙලා තියෙනවා ඇයට භාවිත කරපු නිර්වින්දන ඖෂධයේ යම් සංකූලතාවයක් හේතුවෙන් එය සිදුවුණා ද යන්න. ඒ වගේම ඒ ශල්‍යකර්මය සඳහා මීට කලින් චෝදනා ලබපු, සැක මතුවුණ නිර්වින්දන ඖෂධයක් භාවිත කරලා තියෙනවා. මේ සැකයන් සරලව බැහැර කරන්න බැරි නිසා තමයි අපි මේවා මතු කරන්නේ… “

ශ්‍රී ලංකා මිරර් කළ සොයා බැලීමකදී හෙළිවූයේ ‌මෙසේ සංකූලතා ඇතිව ඇත්ත‌ේ ප්‍ර‌ොපොෆෝල් (Propofol) නැමැති ඖෂධයකින් බවයි.

මේ අතර, පසුගිය කාලයේදී  පේරාදෙනිය රෝහලෙන්ද පසුගිය කාලයේ මෙවැනිම අක්ෂි මරණ රෝග සදහා ප්‍රතිකාර ලබා ගැනීමට ගොස් සිදුවූ මරණ දෙකක් වාර්තා විය.

පුවත්

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩා වැටෙයි

Published

on

By

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩාවැටීමෙන් රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

පොලීසිය සඳහන් කළේ වාහන කිහිපයකට හානි සිදුව ඇති බවය.

මේ වනවිටත් ගස ඉවත්කිරීමේ කටයුතු සිදුකරන අතර ඇතිවී ඇති මාර්ග තදබදය හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Published

on

By

තැපැල් ඡන්ද හිමියන්ට සිය ඡන්දය ප්‍රකාශ කරන ස්ථානය හා සහතික කිරීමේ නිලධාරියා හඳුනා ගැනීම සඳහා ‘e’ සේවාවක් ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව පැවසුවේ මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් මෙන්ම ඔවුන්ගේ කණ්ඩායම් සහ පක්ෂ මෙන්ම සලකුණ හඳුනා ගැනීම සඳහා ද මෙමගින් පහසුකම් සලසා ඇති බවය.

eservices.elections.gov.lk යන යොමුව මඟින් මැතිවරණ ‘e’ සේවාව වෙත පිවිස එහි රාජ්‍ය නිලධාරීන් සඳහා වන තැපැල් ඡන්ද තොරතුරු සඳහා වන යොමුව වෙත පිවිස තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී.

Continue Reading

පුවත්

අද ගිගුරුම් සහිත වැසි

Published

on

By

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (23) ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.

බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved