Videos

අගමැතිව චීනයේදී හරසරින් පිළිගනියි

Published

on

චීනයේ සය දින නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත් වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (25) චීනයේ බෙයිජිං නුවරට ළඟාවිය.

විදේශ කටයුතු විධායක උප අමාත්‍ය සන් වෙයිඩොං (Sun Weidong) මහතා, බෙයිජිං හි වැඩබලන ශ්‍රී ලංකා තානාපති – කේ.කේ. යෝගානන්දන් මහතා ඇතුළු නිළධාරීන් විසින් එහිදී අග්‍රාමාත්‍යවරයාව හරසරින් පිළිගෙන තිබුණි. චීනයේ ප්‍රමුඛතම වාර්ෂික ජාත්‍යන්තර සමුළුව වන බොආඕ සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස චීන රජයෙන් කෙරුණු ආරාධනාවක් අනුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (2024.03.24) සවස චීනයේ බීජිං නුවර බලා පිටත්ව ගියේය.

Trending

Exit mobile version