Connect with us

පුවත්

අගමැති – චීන ජනපතිව හමුවෙයි

Published

on

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් අද (27) බෙයිජිං අගනුවරදී පැවැත්විණි.

දෙරට අතර දීර්ඝ කාලීන මිත්‍රත්වයක් පවතින බවත්, ස්වාධීනත්වය, ස්වෛරීභාවය සහ ජාතික අභිමානය ආරක්ෂා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් ස්ථිරව පෙනී සිටින අතරතුර, ශ්‍රී ලංකාවේ ජාතික තත්ත්වයන්ට ගැළපෙන නවීකරණ මාවතක් ගවේෂණය කිරීමටත්, ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා සහය ලබාදෙන බවටත් චීන ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත.

විශේෂයෙන්ම කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය යන ප්‍රධාන ව්‍යාපෘති දෙක ඇතුළුව එක් තීරයක් එක මාවතක් ව්‍යාපෘතියේ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට දෙපාර්ශ්වයම ඒකාබද්ධ උත්සාහයක් ගත යුතු බවද චීන ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත.

සම්පත් කළමනාකරණ ක්‍රමවේද මෙන්ම බලශක්ති හා කාර්මික සහයෝගීතාව වැඩිදියුණු කිරීමට දෙරට එක්ව කටයුතු කළ යුතු බවද ඔහු පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාවෙන් උසස් තත්ත්වයේ නිෂ්පාදන වැඩියෙන් එරටට ආනයනය කිරීමට හා ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට චීන ව්‍යවසායකන් තවදුරටත් දිරිමත් කිරීමටත් ඉදිරියටත් කටයුතු කරන බව පැවසූ චීන ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික පරිසරය සාධාරණ හා විනිවිදභාවයෙන් යුක්ත වනු ඇතැයි අපේක්ෂා කරන බවද මෙහිදී පවසා ඇත.

ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමටත්, තිරසර සංවර්ධනයක් සහිතව ආර්ථික පරිවර්තනයක් කරා යාමට සහය දීම සඳහාත් චීනය උනන්දුවෙන් සිටින බව ෂී ජනපතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය – දිනේෂ් ගුණවර්ධන මහතා, පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයක දී ලබාදුන් සහාය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පහසුකම් ලබාදීම පිළිබඳව චීන ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පුද කර තිබේ. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ චීන සංචාරයේ දී ගනු ලැබූ තීරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතියද  අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කර ඇති අතර, පාසල් අධ්‍යාපනය, කෘෂිකර්මය, සෞඛ්‍ය, තාක්‍ෂණය, සංස්කෘතිය සහ ආගම වැනි ක්ෂේත්‍ර සඳහා ලබාදුන් සහයෝගය පිළිබඳ ව ද අග්‍රාමාත්‍යවරයා චීන ජනාධිපතිවරයාට සිය ස්තූතිය පළ කර සිටියේය. 

(මූලාශ්‍ර – ෂින්හුවා හා අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය)

පුවත්

ජනපති රනිල්ගෙන් ඉරානයට ශෝක ප්‍රකාශයක්

Published

on

By

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ අමාත්‍ය අමීර් අබ්දුල්ලාහිගේ මරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ශෝකය පළ කර තිබේ.

ඒ සිය නිල X ගිණුමෙහි සටහනක් තබමිනි.

ඔවුන්ගේ ඛේදනීය මරණය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කම්පනයට සහ ශෝකයට පත් වී ඇති බව එහි සඳහන් වේ.

එමෙන් ම ශෝකයට පත් වූ පවුල්වලට, රජයට සහ ඉරාන ජනතාවට සිය බලවත් සංවේගය ප්‍රකාශ කරන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය පණිවිඩයේ සඳහන් කර ඇත.

Continue Reading

පුවත්

ඥානසාර හිමිට සමාව දෙන්නැයි මහනාහිමිවරු ඉල්ලති

Published

on

By

ලගොඩඅත්තේ ඥානසාර හිමිට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා තෛයිනිකායික මහනාහිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබේ.

පසුගිය 2016 වසරේදී කූලරගල රජමහා විහාරස්ථානය සම්බන්ධ පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී ජාතින් අතර අසමගියක් ඇතිවන ආකාරයට කටයුතු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඥානසාර හිමිට පසුව වසර 07ක සිර දඬුවමක් නියම කෙරිණි.

එම ලිපිය පහත දැක්වෙයි.

Continue Reading

පුවත්

දින හතරක් බාර් වැසෙයි

Published

on

By

දින 04ක් සුරාසැල් සහ මත්පැන් අලෙවිසැල් වසා තැබීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන ලදී.

ඒ අනුව වෙසක් පසළොස්වක පොහෝය දිනය යෙදී ඇති මැයි 23 සිට 24 යන දෙදින දිවයින පුරා වසා මෙම අලෙවි සැල්  තැබෙනු ඇති.

එමෙන් ම රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන මාතලේ දිස්ත්‍රික්කයේ ඇති සියලුම බලපත්‍රලත් සුරාසැල් මැයි 21 හා 22 දිනවලත් වසා තැබීමට ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved