පුවත්

අගහරු ලෝකයට යන ලංකාවේ පියුමි!

Published

on

අඟහරු ග්‍රහයාගේ ගවේෂණ කටයුතු සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට තෝරා ගන්නා ලද නව පර්යේෂණ කාර්ය මණ්ඩලයට ශ්‍රී ලාංකික විද්‍යාඥවරියක් වන පියුමි විජේසේකර ද තෝරා ගෙන ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.

නාසා ආයතනය මගින් හූස්ටන් හි පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදිකර ඇති අඟහරු ග්‍රහයාගේ පාරිසරික ලක්ෂණ සහිත වාසස්ථානයක අදාළව මෙම මෙහෙයුම් සිදු කිරීමට නියමිතය.

මෙහෙයුමට සහභාගී වීමට ස්වේච්ඡා සේවකයන් හතර දෙනෙකුගෙන් යුත් නව කාර්ය මණ්ඩලයක් තෝරාගෙන ඇති බව ද එම විදෙස් වාර්තාවල දැක්වේ.

මෙහෙයුමට අදාළ විද්‍යාඥයන් අතර අනෙකුත් පිරිස වන්නේ ජේසන් ලී, ස්ටෙෆනි නවර්රෝ, ෂරීෆ් අල් රෝමයිති යන අයයි.

පියුමි විජේසේකර කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් ජෛව ඉංජිනේරු විද්‍යාව පිළිබඳ සිය උපාධිය ද, ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි ද ලබා ගෙන ඇත.

මේ වනවිට NASA Ames පර්යේෂණ මධ්‍යස්ථානයේ පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂකවරියක් ලෙස ද ඇය කටයුතු කරන බව වාර්තා වේ.

මෙම විද්‍යාඥයන් සිව් දෙනා, මැයි 10 වැනිදා  අඟහරු ග්‍රහයා තුළට ඇතුළු වීමට නියමිත අතර ඔවුන් දින හතලිස් පහක් එහි ගත කිරීමට නියමිත බව වාර්තා  වේ.

Trending

Exit mobile version