පවතින ගංවතුර අවදානම හේතුවෙන් අග්නිදිග විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨය හැර අනෙක් සියලු පීඨ තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.
ඒ අනුව, යළි දැනුම්දෙන තුරු අග්නිදිග විශ්වවිද්‍යාලයේ සෙසු පීඨවල අධ්‍යයන කටයුතු තාවකාලිකව නතර කර තිබේ.
ව්‍යවහාරික විද්‍යා පීඨයේ පමණක් අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වැඩිදුරටත් පවසයි.