Connect with us

පුවත්

අගෝස්තු වල පමණක් බීඩි කොළ කිලෝ 6230ක් නාවික හමුදා භාරයට

Published

on

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2023 වර්ෂයේ අගෝස්තු මාසය තුල පමණක් සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ (Tendu Leaves) ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 6230 ඉක්මවා ඇති බව පවසයි.

මෙලෙස නීති විරෝධි අන්දමින් බීඩි කොළ (Tendu Leaves) ගෙන මට උත්සහා කළ සැකකරුවන් 09  සහ ඩිංගි යාත්‍රා 03ක්ද නාවික හමුදා භාරයට ගෙන ඇත.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන මෙවැනි ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, 2023 අගෝස්තු මාසය තුළ ශ්‍රී ලංකා නාවික නෞකා විජය, තම්බපන්නි, කැළණි, ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණය සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතනයන් විසින් බටහිර සහ වයඹ මුහුද හා වෙරළ ප්‍රදේශය ආවරණය වන පරිදි සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, බීඩි කොළ කිලෝ 6230යි ග්‍රෑම් 570ක තොගයක් අගෝස්තු මාසය තුලදී පමණක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් 09 ඇතුළු බීඩි කොළ කිලෝග්‍රෑම් 6230 සහ ග්‍රෑම් 570 තොගය සඳහා අවශ්‍ය නීතිමය පියවර ගැනීමට අදාල බලධාරීන් වෙත භරදීම සිදුකර ඇත.

මෙලෙස නීති විරෝධී ලෙස රැගෙන ඒමට තැත්කළ බීඩි කොළ තොගය මගින් රජයට අහිමි වී ඇති බදු ආදායම රුපියල් මිලියන 37කට අධික බව නාවික හමුදාව වැඩිදුරටත් පවසයි.

(ඡායාරූපය : navy.lk)

පුවත්

කාදිනල් හිමි වතිකානය බලා පිටත්වේ

Published

on

By

කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වතිකානය බලා පිටත්ව ගොස් තිබේ.

අද (23) පෙරවරු 9:30ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් කාදිනල් හිමිපාණන් වතිකානය බලා පිටත්ව ගිය බව වාර්තා විය.

ඒ, ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සඳහා සහභාගීවීමටය.

අප්‍රේල් මස 26 වන සෙනසුරාදා පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතය.

Continue Reading

පුවත්

මාතර සියලුම රැඳවියන් අඟුණකොළපැලැස්සට (UPDATE)

Published

on

By

මාතර බන්ධනාගාරය තුළ ඊයේ (22) රාත්‍රියේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් එහි රඳවා සිටින රැඳවියන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට මාරු කිරීමට අද (23) උදෑසන පියවර ගෙන තිබේ.

මාතර බන්ධනාගාරය තුළ සිටි රැඳවියන් දෙදෙනෙකු අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන යාමට විරෝධය පළ කරමින් මාතර බන්ධනාගාරයේ රඳවා සිටි රැදවියන් පිරසක් ඊයේ රාත්‍රී 8ට පමණ බන්ධනාගාරය තුළ කලහකාරී ලෙස හැසිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇතිවී තිබුණි.

ඇතිවූ තත්ත්වය සමග බන්ධනාගාරයේ ඉහළ ආරක්ෂක කුටිවල බන්ධනාගාර නිලධාරීන්ට ගල් – මුල්වලින් පහරදීමට රැඳවියන් කටයුතු කිරීමත් සමග තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරින් අහසට වෙඩිතබා තිබුණි.

මෙම කලහකාරී තත්ත්වයෙන් බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති බව මාතර බන්ධනාගාර අධිකාරි මංගල වැලිවිට මහතා පැවසීය.

රාත්‍රී 8ට පමණ ඇතිවූ තත්ත්වය පාලනය කර තිබියදී නැවතත් මධ්‍යම රාත්‍රිය ආසන්න වනවිට රැඳවියන් කලහකාරී ලෙස හැසිරෙමින් බන්ධනාගාරය තුළ තිබු දේපොළවලට හානි කිරීමට පටන්ගෙන තිබූ අතර බන්ධනාගාරයේ ආරක්ෂාවට පොලීසිය කැඳවා තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාරය තුළට කඳුළු ගෑස් ප්‍රහාර දෙකක්ද අහසට වෙඩිතැබීම් ද සිදුකර ඇත.

මෙම තත්ත්වය තුළ බන්ධනාගාරය තුළ සිටි කාන්තා රැඳවියන් 25 දෙනෙකු ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අඟුණ⁣කොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරු කිරිමට ද බන්ධනාගාර නිලධාරින් කටයුතු කර තිබේ.

අද අලුයම වනවිට බන්ධනාගාරය තුළ තත්ත්වය සම්පුර්ණයෙන් පාලනය කොට තිබු අතර බන්ධනාගාරයේ ගබඩා කාමරය හා  ස්ථාන කිහිපයක් කඩා දමා ඇතැයි බන්ධනාගර ආරංචි මාර්ග පවසයි.

මාතර, ගාල්ල හා හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුනෙන්ම අමතර පොලිස් කණ්ඩායම් හා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් කැඳවීමටද, ගිනි නිවන හමුදාවේ භටයින් සීරුවෙන් තැබීමට ද පියවර ගෙන තිබුණි.

මෙම කලහකාරි තත්ත්වයෙන් කිසිඳු රැඳවියෙකුට තුවාල හෝ ජීවිත හානි කිසිවක් සිදුවී නොමැති බවට බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ඒ හේතුවෙන් රැඳවියන්ගේ ඥාතීන් ඒ පිළිබඳව කලබල වියයුතු නැති බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


(පෙර පුවත 2025 අප්‍රේල් 23 පෙ.ව.8.06 )

මාතර බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කෙරේ

මාතර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය මේවනවිට පාලනය කර ඇති බව පොලීසිය පවසයි.

එම බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර එම ගැටුම හටගත් බව පොලීසිය පැවසීය.

එය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් අහසට වෙඩිතබා තිබේ.

කෙසේවෙතත් නොසන්සුන්තාවය පාලනය කර ගත නෙහැකි වීම හේතුවෙන් ඊයේ (22) රාත්‍රී කඳුළු ගැස් ප්‍රහාරයක් ද එල්ල කිරීමට සිදුව වූ බව පොලීසිය පවසයි.

තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය ද කැඳවීමට පියවර ගත් බව වාර්තා විය.

මාතර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙක් වෙනත් බන්ධනාගාරයක් වෙත රැගෙනයෑමට උත්සාහ කිරීමේදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බව සඳහන්ය.

එහිදී වාට්ටුවකින් පිටතට පැමිණ ඇති රැඳවියන් 500 දෙනෙකු පමණ  ඊට විරෝධය පළ කරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරීමත් සමඟ මෙම තත්ත්වය මතුව ඇති බව වාර්තා වෙයි. 

Continue Reading

පුවත්

රාජකාරි වේලාවකදී TikTok කරන සෞඛ්‍ය සේවකයින්ට වැඩ වරදින ලකුණු

Published

on

By

රජයේ වෛද්‍යවරුන්, හෙදියන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය TikTok වැනි සමාජ මාධ්‍ය වේදිකාවල නිරතවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව අනාවරණය කළේය.

මාධ්‍යවේදියෙකු විසින් කළ විමසීමකට පිළිතුරු ලෙස අමාත්‍යවරයා සඳහන් කළේ, රාජකාරි වේලාවේදී ඨික්ඨොක් වැනි සමාජ මාධ්‍ය භාවිතයට සම්බන්ධ වීඩියෝ කිහිපයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී ඇති බවය.

ඒ අනුව, මෙම ආකාරයේ ක්‍රියාකාරකම් රාජකාරි නීති හා විනය රීතිවලට පටහැනිද යන්න පිළිබඳව සොයා බලන බවත්, අවශ්‍ය නම් තවත් පියවර ගනු ඇති බවත් අමාත්‍යවරයා විසින්  පවසන ලදී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved