පුවත්

අගෝස්තු – සැප්තැම්බර් ‌‌දෙකේම ‘අස්වැසුම’ නොවැම්බරේදී

Published

on

‘අස්වැසුම’ සමාජ සුභසාධන වැඩසටහනේ අගෝස්තු මාසය සඳහා වන ගෙවීම් නොවැම්බර් 01දා (බදාදා) දින ලබාදීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඒ අනුව එදිනට අදාල මුදල් ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කෙරෙනු ඇත.

එමෙන්ම සැප්තැම්බර් මාසය සඳහා වන දීමනාවද නොවැම්බර් මාසය තුළදී ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කෙරෙන බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ඔහු මේ බව පැවසුවේ අද (30) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදීය.

Trending

Exit mobile version