තවත් මාස කිහිපයකින් උමා ඔය ව්‍යාපෘතිය ඔස්සේ මෙරට විදුලිබල පද්ධතියට විදුලිය සැපයිය හැකි බව එම ව්‍යාපෘති සමාගම පවසා තිබේ.
එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් සමාගම වන ෆරාබ් සමාගමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අලි වකීලි මහතා ඇතුළු නිලධාරීන්, විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අතර ඊයේ (18) පැවති හමුවකදී එම සමාගම විසින් මේ බව පවසා ඇත.
උමා ඔය ජල විදුලිබල ව්‍යාපෘතියේ පළමු අදියරේ විදුලිබල නිෂ්පාදනය එළඹෙන අගෝස්තු මාසයේදී ද දෙවැනි අදියරේ විදුලිබල නිෂ්පාදනය සැප්තැම්බර් මාසයේදී ද අරඹන බව ඔවුන් එහිදී පවසා තිබේ.
එම ව්‍යාපෘතිය සම්පූර්ණ වීමෙන් අනතුරුව මෙගාවොට් 120ක් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට හැකි වනු ඇතැයි මේ සම්බන්ධයෙන් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වේ.