Connect with us

පුවත්

අජිත් ප්‍රසන්නට තවත් මාස 6ක සිරදඬුවමක්

Published

on

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරද පිළිගත් විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතාට අභියාචනාධිකරණය විසින් මාස 06ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබේ.

අජිත් ප්‍රසන්න මහතා දැනට ගෙවමින් සිටින වසර 04ක සිරදඬුවම අවසන් වීමෙන් පසුව එම සිරදඬුවම ක්‍රියාත්මක වන බව තීන්දුවේ සඳහන් වෙයි.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදී තිබේ.

පුවත්

දුම්රිය නියාමකවරු අද රෑට වැඩ වර්ජනයක් අරඹයි

Published

on

By

උසස්වීම් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් අද (19) මධ්‍යම රාත්‍රී සිට පැය 48ක සංකේත වැඩවර්ජනයක නිරත වන බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමය පවසයි.

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අද පෙරවරුවේ දුම්රිය බලධාරින් සමග පැවත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බව එම සංගමයේ ලේකම් කේ.ඩි.දුමින්ද ප්‍රසාද් මහතා පැවසුවේය.

Continue Reading

ක්‍රීඩා

කාන්තා T-20 ලෝක කුසලාන කාල සටහන එළිදක්වයි

Published

on

By

එංගලන්තයේ පැවැත්වීමට නියමිත 2026 විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තරග කාල සටහන ඊයේ (18) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කිරීම සිදුවිය.

මෙම තරගාවලියේදී කණ්ඩායම් 12ක් මෙවර තරගාවලියට කාණ්ඩ දෙකක් යටතේ සහභාගී වන අතර ක්‍රීඩාංගණ 7කදී තරග පැවැත්වීමට නියමිතය. 

මෙහිදී ‘ඒ’ කාණ්ඩයෙන් ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, පාකිස්තානය සහ සුදුසුකම් ලබන කණ්ඩායම් දෙකක් ද, ‘බී’ කාණ්ඩයෙන් බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්තය, නවසීලන්තය, ශ්‍රී ලංකාව සහ සුදුසුකම් ලබන කණ්ඩායම් දෙකක් මෙහි අන්තර්ගත වෙයි.

කණ්ඩායම් 6කින් සමන්විත කාණ්ඩවල මූලික වටයේ තරගවලින් අනතුරුව එක් එක් කාණ්ඩයන්හි ඉහළම ප්‍රසාද ලකුණු හිමිකරගන්නා කණ්ඩායම් යුගලය අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබයි.

ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ ජුනි 12 වැනිදා ආරම්භක තරගයේදී සත්කාරක එංගලන්ත කාන්තා කණ්ඩායම සමග එඩ්ග්බැස්ටන් හි දී තරග වැදීමට නියමිතය. 

එසේම ජුනි 16 වැනිදා ශ්‍රී ලංකාව නවසීලන්ත කණ්ඩායම සමග හැම්ෂයර් බෝල් ක්‍රීඩාංගණයේදීත්, ජුනි 21 වැනිදා ශ්‍රී ලංකාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග බ්‍රිස්ටල් ප්‍රාන්ත ක්‍රීඩාංගණයේදීත් පැවැත්වෙන අතර ජුනි 23 වැනිදා සහ 26 වැනිදා සුදුසුකම් ලබන කණ්ඩායම් සමග තරග පැවැත්වේ.

තරගාවලියේ අවසන් පූර්ව තරග ජුනි 30 වැනිදා සහ ජූලි 2 වැනිදා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. අවසන් මහා තරගය ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ජූලි 5 වැනිදා පැවැත්වීමට නියමිතය.

Continue Reading

පුවත්

පාර්ලිමේන්තුවේ ඉන්න බැරිවුනේ රිය අනතුරක් වුන නිසා – අජිත් 

Published

on

By

 ඊශ්‍රායල හා ඉරානය අතර ඇතිව තිබෙන නොසන්සුන්කාරී වාතාවරණය පිළිබඳ විවාදය සඳහා වන යෝජනාව ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා සභාගර්භයේ නොසිටීම හේතුවෙන් අද පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

ෆේස්බුක් සජීවී වීඩියෝවක් එක්කරමින් පෙරේරා මහතා පසුව පවසා තිබුණේ පාර්ලිමේන්තුවට පැමිණෙන අතරතුරේදී තමා ගේ වාහනය රිය අනතුරකට ලක්වීම හේතුවෙන් තමාට පාර්ලිමේන්තුවට පැමිණීමට විනාඩි 04ක පමණ ප්‍රමාදයක් සිදුවූ බවයි.

රිය අනතුරෙන් තමාට හෝ වෙනත් කිසිවෙකුට තුවාල නොවූ බවද ඔහු මෙහිදී පවසා තිබුණි.

මේ හේතුවෙන් ඉහත යෝජනාව ඉදිරිපත් කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් කණගාටුව පළ කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

සබැඳි පුවත් :

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved