තමන්ව ස්ථාන මාරුකිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය ගනු ලැබූ තීරණය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා ජුලි මස 17 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.
එම පෙත්සම අද (10) ප්‍රියන්ත ජයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහතුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
ඉන් අනතුරුව අධිකරණය සලකා බැලීම සඳහා ලබන 17 වනදා කැඳවන ලෙස නියෝග කළේය.
(අද දෙරණ)