පුවත්

අඩු ආදායම්ලාභී නිවාස 25,000කට නොමිලේ සූර්ය පැනල

Published

on

අඩු ආදායම්ලාභී නිවාස 25000ක් සඳහා සූර්ය පැනල නොමිලයේ ලබාදීමේ ක්‍රියාවලිය කැබිනට් අනුමැතිය ලැබුණු පසුව ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ, එමගින් මෙගාවොට් 500 ක පුනර්ජනනීය බලශක්තියක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට අපේක්ෂා කෙරෙන බවයි.

අදියර දෙකක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම ව්‍යාපෘතියේ මුල් අදියර යටතේ නිවාස 10,000ක් සඳහා ද, දෙවැනි අදියර යටතේ නිවාස 15000ක් සඳහා ද, සූර්ය පැනල මඟින් විදුලිය ලබාදීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

(මූලාශ්‍රය : හිරු)

Trending

Exit mobile version