කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට දහවල් 12 දක්වා අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුව ඇති බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව කොළඹ 01,02,03,04,07,08,09,10 සහ 11 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇත.
මේ අතර එම කාලය තුළ ඉහත ප්‍රදේශයන්හි උස් ප්‍රදේශවල ජල සැපයුමට ද බාධා ඇතිවිය හැකි බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.