පුවත්

අඩු පීඩන තත්වයක් : යළිත් වැසි

Published

on

ශ්‍රී ලංකාව ආසන්නයේ ඇති අඩු පීඩන තත්වයක් හේතුවෙන්  උතුරු හා උතුරු මැද පළාත්වලත් පුත්තලම හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක් දක්වා තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අද අලුයම 2.00ට නිකුත් කර ඇති මෙම නිවේදනය පැය 24ක කාලයක් සඳහා වලංගු බව එම  දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.

උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වල විටින් විට හමන පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර සුළං ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අකුණු වලින් සහ සුළගින්  සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව  මහ ජනතාවගෙන් ඉල්ලා සිටී  

Trending

Exit mobile version