Connect with us

පුවත්

අඩු මිලට මත්පැන් බෝතලයක් වෙළඳපොළට

Published

on

අඩු මුදලකට මිලදී ගත හැකි මත්පැන් බෝතලයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් යු.එල් උදය කුමාර පෙරේරා මහතා පවසයි.

ඔහු සඳහන් කළේ නීති විරෝධී මත්පැන් මඟින් සමාජයට වන අහිතකර බලපෑම අවම කිරීමේ අරමුණෙන් මෙම මත්පැන් බෝතලය ලබා දීමට පියවර ගන්නා බවය.

නීති විරෝධී මත්පැන් විශාල වශයෙන් ව්‍යාප්ත වී ඇති බවත් සුරා බදු ආදායමෙන් 30%ක් පමණ අහිමිව ඇත්තේ මෙම නීති විරෝධී මත්පැන් නිසා බවත් සුරා බදු කොමසාරිස්වරයා තවදුරටත් අවධාරණය කලේය.

ඔහු සඳහන් කළේ, මෙම මත්පැන් නැති කිරීම වැටලීම් වලින් පමණක් සිදු කළ නොහැකි අතර ඒ සඳහා යොමු වී සිටින මහජනතාවට විකල්ප යෝජනාවලියක් ගෙන ආ යුතු බවය.

එමෙන්ම අදාල මත්පැන් බෝතලය ප්‍රමිතියෙන් යුතුව රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂා කිරීමෙන් පසුව එහි අනුමැතිය ඔස්සේ වෙළද පොළට නිකුත් කරන බවද කොමසාරිස්වරයා පවසා සිටියේය.

මෙය සුරා බදු දෙපාර්තමේන්තුවේ ආදායම වැඩි කර ගැනීම හෝ මත්පැන් ප්‍රවර්ධනය කිරීමක් නොවන බව ද නීති විරෝධී මත්පැන් වලින් සමාජයේ ජීවත්වෙන අය ගලවා ගැනීමට සිදු කරන වැඩපිලිවෙළක් බවද කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය.

“අපි නීත්‍යානුකූල මත්පැන්වලින් ලබන ආදායම නීති විරෝධී මත්පැන්වලින් ලෙඩ වෙන අයට වියදම් කරපුවාම ඒ අදායම නොලැබුවා හා සමානයි. ඒ නිසා මහජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් තමා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ”

පුවත්

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට

Published

on

By

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට (03)  ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06ක් වෙන් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ, අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවය.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ,
නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්,
සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්
කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත්
 මිලදී ගන්නා බවය.

Continue Reading

පුවත්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති

Published

on

By

සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවය.

අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන, ප්‍රශ්න කෙරෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදන වලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම පනත අහෝසි කිරීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

Continue Reading

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved