පුවත්

අණ නොතකා ධාවනය කළ රථයට පොලිසියෙන් වෙඩි

Published

on

මොරගහහේන ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට පොලීසිය කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, අද (23) අලුයම 1.50ට පමණ මීගොඩ, දෙල්කැටිය හන්දිය ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයකදී ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීම සඳහා නැවැත්වීමට සූදානම් වන අවස්ථාවේ අදාළ ත්‍රිරෝද රථයේ සිටි පුද්ගලයින් පොලීසිය දෙසට වෙඩි තබා මොරගහහේන ප්‍රදේශයට පලාගොස් ඇති බවයි.

ඒ අනුව, මොරගහහේන පොලීසියට කළ දැනුම්දීමකදී, විමර්ශනයක් සඳහා එහි පැමිණ සිට කොළඹ දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්  මෙම ත්‍රිරෝද රථය නැවැත්වීමට උත්සාහ කර ඇති අතර එහිදී ද එය අණ නොතකා ධාවනය කර ඇතැයි පොලීසිය විසින් පවසන ලදී.

අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයට මොරගහහේන මීපේ පාර, ටයර් කර්මාන්තශාලාව අසළදී කොළඹ දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වෙඩි තබා තිබේ.

පොලීසිය පැවසුවේ, වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවයි.

ත්‍රිරෝද රථයේ සිටි තවත් අයෙකු ඉන් පලාගොස් තිබේ.

සිද්ධියෙන් මියගියේ වයස අවුරුදු 42 තණමල්විල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් සහ 35 හැවිරිදි පුද්ගලයෙකි.

අදාළ ත්‍රිරෝද රථයේ තිබී ගිනිඅවියක් සොයාගත් බව ද පොලීසිය සඳහන් කළේය.

Trending

Exit mobile version