පුවත්

අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගන්න බිලියන 2ක් මහා භාණ්ඩාගාරයෙන්

Published

on

අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගන්න බිලියන 2ක් මහා භාණ්ඩාගාරයෙන්ත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා අද (22) දිනයේ මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 2ක මුදලක් ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, මේ වනවිට ඖෂධ ආනයනකරුවන් සඳහා පමණක් රුපියල් බිලියන 20කට ආසන්න මුදලක් ගෙවීමට ඇති බවත්, එම මුදල් කොටස් වශයෙන් ගෙවීමට පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මේ අතර පිළිකා රෝගීන්ගේ බෙහෙත් ඇතුළු ජීවිත ආරක්ෂක ඹෟෂධ වර්ග 14ක් සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව තිබෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

ඊට අමතරව තවත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 384 කින් වර්ග 151 මේ මොහොතේ මෙරට නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, දැනට හිඟ ඖෂධවලින් වර්ග 60ක් ලබන සතියේ මෙරටට ආනයනය කරන බවයි.

Trending

Exit mobile version