පුවත්

අත්‍යවශ්‍ය ඖෂධ 266ක් හිඟයි – වෛද්‍ය සමන් රත්නායක

Published

on

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ලේඛනය යාවත්කාලීන කර තිබේ.

ආර්ථික අර්බුදයත් සමග අත්‍යවශ්‍ය ඖෂධ ලේඛනය 383ක් දක්වා අඩු කළ බවත්, පසුව එය මේ වනවිට යළිත් 850 දක්වා වැඩිකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා කියා සිටී.

වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ, විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් සලකා බලා මේ තීරණය ගත් බවයි.

නව ලේඛනයට අනුව මේ වනවිට මෙරට ඖෂධ වර්ග 266ක් හිඟ බව ඔහු පැවසීය.

මූලාශ්‍රය – නිවුස් ෆස්ට්

Trending

Exit mobile version