Connect with us

පුවත්

අත්‍යවශ්‍ය නම් පමණක් පාස්පෝර්ට් එක ගන්න එන්න

Published

on

ලබන ඔක්තෝබර් 20 වැනිදා තෙක් අත්‍යවශ්‍යම පුද්ගලයන් පමණක් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉල්ලීමක් කර තිබේ.

ඊ පාස්පෝට් ටෙන්ඩරය මිලදී ගත් සමාගමෙන් චීපය රහිත පාස්පෝට් ප්‍රමාණයක් ලබන ඔක්තෝබර් 20 වැනිදාට පෙර ලැබෙන බවයි අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඒ අනුව සාමාන්‍ය පරිදි පාස්පෝට් මුද්‍රණය කළ හැකි බවද ටිරාන් අලස් මහතා කියා සිටියේය.

ගුවන් ගමන් බලපත්‍ර හිස් පොත් ශේෂ වීම හා ආගමන විගමන දෙපාර්තමේන්තුව අවට උද්ගත වී තිබූ තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැති අතර එහිදී අදහස් දක්වමින් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා මේ බව ප්‍රකාශ කලේය.

ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් 2003 වසරේ සිට වසර විස්සක කාලයක් හිස් පාස්පෝට් පොත් මිලියන 11 ක් ලබාදී ඇති බවත්, විද්‍යුත් පාස්පෝට් නිකුත් කිරීමේ අවශ්‍යතාව මත දෙස් විදෙස් සමාගම් වලින් ඊ පාස්පෝට් සඳහා ටෙන්ඩර් කැඳවූ බවත් ඔහු එහිදී කියා සිටියේය.

ඒ අනුව ඉදිරිපත් වූ සමාගම් තුනකින් තෝරාගත් සමාගමකින් පාස්පෝට් පොත් ලක්ෂ පහක ප්‍රමාණයක් එක් හිස් පොතක් ඇමරිකන් ඩොලර් 5.6 ක ලංසුවකට මිලදී ගැනීමට තීරණය කළ බවයි ඔහු අවධාරණය කළේය.

එම සමාගමේ ඇණවුම නොවැම්බර් මාසයේදී ලැබීමට තිබුණත් හිස් පාස්පෝට් ශේෂ වීම මත ඉලෙක්ට්‍රෝනික චීපය නොමැති පාස්පෝට් ප්‍රමාණයක් කඩිනමින් ලබාදෙන ලෙස ඉල්ලූ බවද ටිරාන් අලස් මහතා පැවසීය.

මේ අතර විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පසුගිය දිනවල පැවති දිගු පෝලිම් පසුපස මාෆියාවක් ක්‍රියාත්මක වී ඇති බවටද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සිදුකළ චෝදනාවකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියි.

ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු නව හිස් විදෙස් ගමන් බලපත්‍ර හිඟවීම හේතුවෙන් එහි කාර්යාල ඉදිරිපිට පසුගිය දිනවල දිගු පෝලිම් දක්නට ලැබුණි.

ජාතික ජන බලවේගය ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මෙම පාස්පෝට් ගැටලුව සම්බන්ධයෙන් රජයට චෝදනාවක් එල්ල කලේය.

මේ එම චෝදනාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ විෂය භාර අමාත්‍ය ටිරාන් අලස් මහතා,

“පෝලිම් හැදුණේ පාස්පොට් එකේ අඩුකම නිසා නෙමෙයි.. අපි ඉස්සරවෙලා පටන් ගත්තේ ඔන්ලයින් එපොයිමන්ට්.. අපි රෑ 12ට ඔන්ලයින් එපොයිමන්ට් එක ඕපන් කළා.. මිනිත්තු 15ක් 20ක් යනකොට ඔක්කොම එපොයිමන්ට් ඉවරයි.. එක කට්ටියක් සිම් පත් 100ක් පමණ අරගෙන එවලෙම එපොයිමන්ට් ටික අරගන්නවා.. ඒ එපොයිමන්ට් එන අහිංසක මිනිස්සුන්ට විකුණනවා රුපියල් 45,000කට.. ඒක මම දැනගත්විට වහාම ඔන්ලයින් එක නවත්වන්න කිව්වා.. නවත්තලා පෝලිමේ එන්න අරින්න, එතකොටත් පෝලිම හැදෙනවා ඉවරයක් නැහැ.. ඊට පස්සේ පෝලිමේ ඉඳලා ඒක විකුණනවා රුපියල් 20,000ට 25,000ට.. ඊට පස්සේ තමයි මම තීරණයක් ගත්තේ පෝලිම භාරගන්න කිව්වා පොලීසියට.. පොලිසියට කරන ක්‍රමය කිව්වා ඒ දිනයෙන් පස්සේ දැන් 10.30, 11.30 වනවිට පෝලිම් ඉවරයි.. පාස්පෝට් අවුලට ආගමන විගමන ලොක්කෝ පෝලන්තයට ගියා කිව්වා.. මේවා අමූලික බොරු.. දැන් පාස්පෝට් චීෆ් මෙතන ඉන්නවා..”

පුවත්

හර්ෂ ඉලුක්පිටිය වරද පිළිගනී

Published

on

By

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව අධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි  චෝදනා ලබා සිටින ආගමන සහ විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා කොන්දේසි විරහිතව වරද පිළිගන්නා බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ඔහුට දඬවම් නියම කිරීම මේ මස 24 වනදා සිදු කරන බවත් අධිකරණය නිවේදනය කළේය. 

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති ‍යළි රිමාන්ඩ් (UPDATE)

Published

on

By

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා තවදුරටත් ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

එදිනට පෙර විමර්ශන කටයුතු අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමට නියම කළාය.


(පෙර පුවත 2025 ජුලි 01 පෙ.ව.11.30 )

ශ්‍රීලංකන් හිටපු සභාපති අධිකරණයට

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

අධිවේගයේ යන සැමට ආසන පටි අනිවාර්ය වේ

Published

on

By

2025 අගෝස්තු 01 වන දින සිට අධිවේගී මාර්ගවල සැහැල්ලු වාහනවල ගමන් කරන සියලුම මගීන්ටආසන බඳපටි පැළඳීම අනිවාර්යය කර තිබේ.

මේ අතර  සැප්තැම්බර් 01 වන දින සිටඅධිවේගී බස්රථවල ගමන් කරන කරන සියලුම මගීන්ට ද ආසන බඳපටි පැළඳීම අනිවාර්යය වේ.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (01) උදෑසන කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මේ බව කියා සිටියේය.

රිය අනතුරුවලින් විශාල ප්‍රමාණයක් ජීවිත අහිමි වන බවත් එම තත්ත්වය මඟ හැරීම සඳහා මෙම තීරණය ගත් බවත් අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම අධිවේගී මාර්ගවල ධාවනය වන සැහැල්ලු වාහනවල පිටුපස ආසනවල යන අයට ද ආසන පටි පැලඳීම අනිවාර්යය වන බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

මේ අතර, 2011 වසරේ සිට ආසන පටි පැලඳීම අනිවාර්යය කර තිබුණ ද සැහැල්ලු වාහන සඳහා එම නීතිය තරමක් ක්‍රියාත්මක වුවත් ලොරි සහ බස්රථ එම නීතිය මඟ හැර සිටි බවත් අද (01)  සිට බස් හා ලොරි රථ රියදුරන්ට ආසන පටි පැලඳීම අනිවාර්යය වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා කියා සිටියේ, මෙය හුදෙක් නීතිය ක්‍රියාත්මක කිරීමක් නොවන අනතුරුවලින් සිදුවන හානිය අවම කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන පුළුල් වැඩපිළිවෙලේ එක් කොටසක් බවය.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved