ආර්ථිකය ගොඩනඟා රට ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් ලබාදිය යුතු බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
රට මුහුණදී තිබෙන ආර්ථික අර්බුදය විසඳීමට සුදුසුම පුද්ගලයා වත්මන් ජනාධිපතිවරයා බව තම පුද්ගලික විශ්වාසය බවද අමාත්‍යවරයා කීය .
මේ මොහොතේ රට පවතින්නේ අත්හදා බැලීම් සිදුකිරීමට සුදුසු අවස්ථාවක නොවන බවද ඔහු කීය.
එවැනි අත්හදා බැලීම් සිදුකිරීමට යෑමෙන් සිදුවන්නේ රට තවතවත් අගාධයට ඇද වැටීම බවද රණතුංග මහතා පැවසීය.
මිනුවන්ගොඩ හා ගම්පහ පලාත් පාලන නියෝජිතයන් සමඟ උඩුගම්පල පැවැති සාකච්ඡාවකදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේය.