Connect with us

පුවත්

අත්හිටවූ විභාගය දින 10ක් ඇතුළත නැවත පවත්වනවා – උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය

Published

on

තාවකාලිකව අත්හිටවූ උතුරුමැද පළාතේ 11 වන ශ්‍රේණියේ පිට වූ බව කියන විෂයන්වලට අදාළ වාර පරීක්ෂණ දින 10ක් ඇතුළත පවත්වන බව උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා සඳහන් කළේ, පිට වූ බව කියන ප්‍රශ්න පත්‍ර යළි සකස් කරන බවය.

මේ අතර උතුරුමැද පළාතේ රජයේ පාසල්වල 11 වන ශ්‍රේණියේ ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය පිළිබඳ  විමර්ශන කටයුතු අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට භාර දී තිබේ.

ඒ, අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මතයි.

ප්‍රශ්න පත්‍ර පිටිවී ඇති බවට ඊයේ අනුරාධපුර පොලීසියට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් අවස්ථා දෙකකදී පැමිණිලි කර තිබුණි.

උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළේ, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා විමර්ශන කණ්ඩායමක් පත් කරන බවයි.

උතුරු මැද පළාතේ සියලුම රජයේ පාසල්වල 11 වන ශ්‍රේණියේ විභාග කටයුතු යළි දැනුම් දෙනතුරු අවලංගු කර තිබේ.

ඒ, වාර විභාගයේ සිංහල සාහිත්‍ය, විද්‍යාව සහ ඉංග්‍රීසි යන ප්‍රශ්න පත්‍ර පිටවූ බවට තොරතුරු ලැබීම හේතුවෙනි.

උතුරු මැද පළාත් අධ්‍යාපන සහ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා පැවසුවේ, එම තත්ත්වය සැලකිල්ලට ගෙන අද සහ හෙට පැවැත්වීමට නියමිත 11 ශ්‍රේණි වාර පරීක්ෂණය අත්හිටවූ බවයි.

පුවත්

අද කාලගුණයේ වෙනසක්

Published

on

By

අද (12) සවස් කාලයේ සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (30–40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී ඇත.

Continue Reading

පුවත්

වෙසක් පුර පසොළොස්වක පොහොය අදයි

Published

on

By

ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය යන තෙමඟුල සිහිකෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය අද (12) ට යෙදී තිබේ.

බුදුන් වහන්සේ සුමේධ තාපස ආත්ම භාවයේදී දීපංකර බුදුරදුන්ගෙන් නියත විවරණ ලැබුවේ ද වෙසක් පොහොය දිනයක වන අතර උන්වහන්සේ බුද්ධත්වයෙන් අටවන අවුරුද්දේදී මණිඅක්ඛික නා රජුගේ ඇරයුමින් කැලණියට වැඩම කළේ ද වෙසක් පොහොය දිනයේ වීම තවත් විශේෂත්වයකි.

ශාසනික වැදගත්කම් රාශියකින් යුත් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය ශ්‍රී ලංකාවාසීන් මෙන්ම සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි.

Continue Reading

පුවත්

ගැරඩි ඇල්ල බස් අනතුරින් මියගිය ගණන ඉහලට; බස් එකේ කොටසුත් ගොඩ ගනියි

Published

on

By

රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 22ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසයි.

අද (11) උදෑසන ප්‍රපාතයට පෙරළුණු එම බස් රථයේ කොටස් පස්වරුවේ ගොඩගෙන තිබේ.

පොලීසිය සහ යුදහමුදාව එක්ව විශාල දොඹකර ආධාරයෙන් මෙම බස් රථයේ කොටස් ගොඩට ගෙන ඇත.

පසුව එම කොටස් ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා කොත්මලේ පොලීසිය වෙත රැගෙන යවා ඇති බවද පැවසේ.

අද අළුයම සිදු වූ අනතුරින් මේ වන විට පුද්ගලයින් 22නෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

මෙම අනතුර සම්බන්ධ විමර්ශන කොත්මලේ පොලීසිය විසින් සිදුකරනු ලබයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved