අවුරුදු සමයත් සමග කතාබහට ලක්වන දේශීය එරබදු ශාකය මෙරටින් තුරන්වීමේ අවදානමක් මතුව තිබේ.
“එරබදු” යනුවෙන් ශාක දෙකක් පවතින අතර, දේශීය එරබදු ගසට අමතරව අනෙක් ශාකය වන්නේ යක් එරබදුයි.
ජාතික උද්භිද උද්‍යානයේ හිටපු අධ්‍යක්ෂ මහාචාර්ය සිරිල් විජේසුන්දර පෙන්වා දෙන්නේ “එරිත්‍රයිනා ගෝල්වෝස්” නම් කෘමියෙකු නිසා දේශීය එරබදු ශාකය මෙරටින් වඳවී යාමේ අවදානමක් හටගෙන ඇති බවයි.