Connect with us

පුවත්

අතුරු සම්මත ගිණුම ගැන අදත් විවාද !

Published

on

අතුරු සම්මත ගිණුම පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (06) දෙවැනි දිනටත් පැවැත්වෙයි.

2025 වස‍රේ පළමු මාස 4 ක කාලය සදහා රජයේ අත්‍යවශ්‍ය වියදම් කළමනාකරණය සහ ණය සේවාකරණය අඛණ්ඩව පවත්වා ගැනීම සදහා වන අතුරු සම්මත ගිණුම, ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.

එහි මුළු ඇස්තමේන්තු ගත මුදල, රුපියල් බිලියන 2600කි.

2025 වසරේ මුල් මාස 4 සඳහා පුනරාවර්ථන වියදම් ලෙස, රුපියල් බිලියන 1000 ක් වෙන් කර තිබේ.

ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කර ඇති මුදල, රුපියල් බිලියන 425 කි.

ණය ප්‍රතිව්‍යුහගතකරණයට අමතරව, අනෙකුත් ණය සේවාවන් සදහා රුපියල් බිලියන 1175 ක් ඇස්තමේන්තුගත කර තිබේ.

අතුරු සම්මත ගිණුම අද පස්වරුවේ සම්මත කරගැනීමට නියමිතයි.

පුවත්

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

Published

on

By

කීරි සම්බා සහල් ප්‍රමාණවත්ව මෙරට වෙළඳපොළ තුළ නොමැති බවට ශ්‍රී ලංකා පාරිභෝගික සේවා අධිකාරය විසින් කරන ලද කරුණු දැක්වීම පදනම් කරගනිමින් කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර ඇත. ඉන් මෙට්‍රික් ටොන් 5,000 ක් රජයේ ආයතන මඟින්ද, සෙසු සහල් ප්‍රමාණය පෞද්ගලික අංශය මඟින්ද ආනයනය කිරීමට තීරණය වී තිබේ.

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීම සඳහා එම කමිටුව ඊයේ (25) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී මෙම තීරණයට එළැඹිණි.

පුරවැසියන්ගේ ආහාර අවශ්‍යතාව සපුරාලීම මෙන්ම, දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මෙහිදි පෙන්වා දුන්නේය.

ඒ අනුව, දේශීය ගොවියා ආරක්ෂා කර ගැනීම සඳහා කීරි සම්බා වී කිලෝවක් රුපියල් 120ක මිලකට වී අලෙවි මණ්ඩලයෙන් හා සතොස ආයතනයෙන් මිලදී ගැනීමේ කාර්යය අඛණ්ඩව පවත්වාගෙන යාමටද තීරණය විය.

ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩඉරිගු ගබඩා කිරීමේ පහසුකම් ඇති කිරීම මෙන්ම,  බියර් සහ සත්ව ආහාර නිෂ්පාදන සඳහා සහල් හෝ කැඩුණු සහල් හෝ විකල්ප අමුද්‍රව්‍ය ආනයනය කිරීම පිළිබඳව ද මෙහිදී කතිකාවට බඳුන් කෙරිණි.

පාරිභෝගික අවශ්‍යතාවට අනුව බඩඉරිඟු නිෂ්පාදනය, ටින් මාළු, බිත්තර සහ මාංශ නිෂ්පාදනය සහ ලුණු ආනයන කටයුතු පිළිබඳව මෙම සාකච්ඡාවේදී  අවධානය යොමු විය.

පොහොර ආනයනය, තොග පවත්වා ගැනීම, සැපයීම සහ බෙදාහැරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, යල කන්නය සඳහා පොහොර බෙදා දීමේ ප්‍රගතිය, ඔඩපන ණය නිකුත් කිරීමේ ප්‍රගතිය සහ යල කන්නයේ වගා කටයුතුවල සාර්ථකත්වයද මෙහිදී සමාලෝචනයට ලක් කෙරිණි.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු හා ආයතන ප්‍රධානීන්ගෙන් සමන්විත ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුවේ සෙසු සාමාජිකයෝද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

පුවත්

කෙහෙළිය පවුලටම අධිචෝදනා

Published

on

By


මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා හා බෑනාට එරෙහිව අල්ලස් කොමසම අද (26) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළේය.

චෝදනා 43ක් යටතේ මෙම අධිචෝදනා ගොනුකර තිබේ.

Continue Reading

පුවත්

බූස්සේ ගෙල වැලලාගත් රැඳවියෙක් මරුට

Published

on

By

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ අපරාධකරුවන් රඳවා සිටින සිරමැදිරියක රඳවා සිටි රැඳවියෙකු අද (26) දහවල් ගෙල වැලලාගෙන තිබේ.

සිරමැදිරියේ ගෙල වැලලාගෙන සිටියදී නිලධාරීන් විසින් ඔහුව මුදාගෙන රෝහල්ගත කර තිබේ.

රැඳවියා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහල්ගත කිරීමෙන් පසු ඔහු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ බිම්සර අමල් නමැති කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද වාර්තා වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved