Connect with us

පුවත්

අදත් තද වැසි

Published

on

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව කියා සිටී.

නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

පුවත්

ඇමරිකාව හා චීනය අතර වෙළඳ සාකච්ඡා අද ලන්ඩනයේ දී

Published

on

By

ඇමරිකාව හා චීනය වෙළඳ සාකච්ඡා සඳහා ලන්ඩනයේදී අද (09) හමුවීමට නියමිතය.

ඇමරිකාව හා චීනය අතර වෙළඳ යුද්ධය අවසන් කිරීම අරමුණු කරගනිමින් නව සාකච්ඡා වටයක් අද (09) ලන්ඩනයේදී පැවැත්වෙනු ඇත.

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සිකුරාදා නිවේදනය කළේ ජ්‍යෙෂ්ඨ ඇමරිකානු දූත පිරිසක් චීන නියෝජිතයන් හමුවන බවය.

එමෙන්ම චීන උප අගමැති හේ ලීෆෙන්ග් සාකච්ඡාවලට සහභාගී වන බව තහවුරු කර තිබේ.

දෙරටම ආනයන බදු අඩු කිරීම සඳහා එකඟ වූ නමුත් රටවල් දෙකම ගිවිසුම කඩ කළ බවට ද චෝදනා එල්ල වේ.

ඇමරිකා භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්, වාණිජ ලේකම් හොවාර්ඩ් ලුට්නික් සහ වෙළඳ නියෝජිත ජේමිසන් ග්‍රියර් මෙම සාකච්ඡා සඳහා එකවනු ඇත.

චීන විදේශ අමාත්‍යාංශය පැවසුවේ උප අගමැතිවරයා ජූනි 8 සිට 13 දක්වා බ්‍රිතාන්‍යයේ රැඳී සිටින බවය.

Continue Reading

පුවත්

ගම්මන්පිල CID එයි (වීඩියෝ)

Published

on

By

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

ඒ ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම සම්බන්ධව සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ, එම බහාලුම් 323ට අදාළ ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වන බවය.

එමෙන්ම එම සිද්ධියට අදාළ තීන්දු තීරණ ගනු ලැබූ නිලධාරීන් රටින් පිටවීමේ උත්සාහයක් ගන්නා බවට තොරතුරු ඇති බවත් ඊට අදාළව විදෙස් ගමන් තහනමක් පනවන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවත් උදය ගම්මන්පිල මහතා මෙහිදී පැවසීය.

තමා සතුව සත්‍ය කරුණු ඇති බවත් කිසිවිටෙකත් සාක්ෂි නොමැතිව මෙවැනි චෝදනාවක් සිදුනොකරන බවත් පැවසු ඒ මහතා මේ පිළිබඳ වහාම විමර්ශනයක් සිදුකළ යුතු බවත් කියා සිටියේය.

වීඩියෝ – අද දෙරණ

Continue Reading

පුවත්

අල්ලස් කොමිසමට නව විමර්ශන අධ්‍යක්ෂවරයෙක්

Published

on

By

රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීම් හා පත්කිරීම් සම්බන්ධව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ජාතික පොලිස් කොමිසම් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන් රාජ්‍ය නිවේදිත නිලධාරීන් වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් සහ පත්කිරීම් සිදුකර ඇත.

ඒ අනුව අල්ලස් කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මොහාන් ලාල් සිරිවර්ධන මහතා පත්කර තිබේ.

ඔහු කලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලෙස ද කටයුතු කර ඇත.

ඊට අදාළව සිදුකර ඇති ස්ථානමාරු වීම් සහ පත්කිරීම් පහතින් දැක්වේ.

01) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එස්. මොහාන්ලාල් මහතා – අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවේ සිට එම කොමිසම් සභාවේ අධ්‍යක්ෂ (විමර්ශන) ලෙස

02) පොලිස් අධිකාරි ඒ.එස්.කේ බණ්ඩාර මහතා – අම්පාර කොට්ඨාසයේ සිට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත

03) සහකාර පොලිස් අධිකාරි ඩබ්.ටී.අනුරංග මහතා – ගල්කිස්ස කොට්ඨාසයේ සිට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත

04) සහකාර පොලිස් අධිකාරි බී.එල්.ඒ ප්‍රසන්න මහතා – ඇල්පිටිය කොට්ඨාසයේ සිට නුගේගොඩ කොට්ඨාසය වෙත

05) සහකාර පොලිස් අධිකාරි එම්.ඩී.පී දීප්ති කුමාර මහතා – නුගේගොඩ කොට්ඨාසයේ සිට ඇල්පිටිය කොට්ඨාසය වෙත

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන් පොලිස් ස්ථානාධිපතිවරුන් ස්ථාන මාරු කිරීම් හා පත්කිරීම් වහාම ක්‍රියාත්මක වන පරිදි සිදුකර ඇත.

ඒ අනුව,

1) ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.ඩී.ඩී.සී ජයකොඩි – බලංගොඩ පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා බදුල්ල කොට්ඨාසය වෙත.

2) ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්.ඩී.කේ.සී නවරත්න – කොළඹ මධ්‍යම කොට්ඨාසයේ සිට බලංගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස රාජකාරි ඉටුකිරීම සඳහා

3)  ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.පී.සී.යූ.රාජපක්ෂ – මානව සම්පත් කළමණාකරන කොට්ඨාසයේ සිට උඩවලව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා.

4) ප්‍රධාන පොලිස් පරීක්ෂක බී.පී.එල් ප්‍රනාන්දු – ගම්පොල මූලස්ථාන පොලිස් පරික්ෂක තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා මඩකලපුව කොට්ඨාසය වෙත

5) ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එම්.ඩී.එන්.ඩී කාන්ගර – ඩෙල්ෆ් පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට ගම්පොල මූලස්ථාන පොලිස් පරික්ෂක ලෙස

6) ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඩබ්.සී.එන් අබේනාරායන – අංකුඹුර පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට ඩෙල්ෆ් පොලිස් ස්ථානාධිපති ලෙස

7) ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.එස්.කේ.රත්නායක – මාතලේ කොට්ඨාසයේ සිට අංකුඹුර පොලිස් ස්ථානාධිපති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා

8) ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.ජී.එස්  විජේසිංහ – නවකුරුදුවත්ත පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා ගම්පහ කොට්ඨාසය වෙත

9) පොලිස් පරීක්ෂක එම්.එච්.එන් තාරක – බෙම්මුල්ල පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට පූවරසන්කුලම් පොලිස් ස්ථානාධිපති ලෙස රාජකාරි ඉටු කිරීම සඳහා

10) පොලිස් පරීක්ෂක එස්.එම්.එන්.එන් සිරිපති – මීගමුව කොට්ඨාසයේ සිට බෙම්මුල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved