පුවත්

අදත් හවසට වැස්ස ; අනතුරු ඇඟවීම්

Published

on

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් (30) තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පැවතීම එයට හේතුවයි.

ඊයේ (29) පස්වරුවේ අකුණු සමඟ ඇද හැලුණු අධික වර්ෂාවෙන් සිදු වූ අනතුරු ගණන්නාවක් වාර්තා වේ.

ඒ අතර, 

රත්තොට, වැල්ගාලයාය ප්‍රදේශයේ නිවසක සිටි සහෝදරයෙකුට හා සහෝදරියකට අකුණු සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස  අකුණු සැර වැදී මියගොස් ඇත්තේ, වැල්ගාලයාය, රත්තොට ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි කුඩා දැරියක් හා 23 හැවිරිදි තරුණයෙක් වන අතර ඔවුන් එකම පවුලේ සහෝදරයන් බව පොලීසිය පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ හා ඌව පළාත්වල අද (30) පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සෙසු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි ඇති විය හැකියි.

බස්නාහිර, සබරගමුව හා ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන් විය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

Trending

Exit mobile version