පුවත්

අදත් හිඟන්නෝ ගණිනවා

Published

on

නාගරික ප්‍රදේශ තුළ සැරිසරන යාචකයන් පිළිබඳ සංගණනයක් කර වාර්තාවක් ලබා දෙන්නැයි පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කාරක සභාව, සමාජ සේවා දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ. මෙම සංගණනය ග්‍රාම සංවර්ධන අභ්‍යාස සහ පර්යේෂණ ආයතනය සමඟ එක්ව සිදු කිරීමට සමාජ සේවා දෙපාර්තමේන්තුව සැලැසුම් සකස් කර ඇතැයි වාර්තා වේ.

දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් කරන්නේ කාන්තා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය යටතේ වන අතර මනෝ විද්‍යා උපදේශක නිලධාරි, වනිතා සංවර්ධන නිලධාරි, සමාජ සේවා උපදේශන නිලධාරි ආදී ක්‍ෂේත්‍ර නිලධාරීන් යාචක සංගණනය කිරීමට යොදා ඇති බව කාන්තා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය කියා සිටී.

මෙම සංගණනය මේ ඉකුත් 05 වැනිදා ආරම්භ කළ අතර 6,7,8 දිනවල කරනු ලබයි.

 ශ්‍රී  ලංකා පොලිසිය මේ වෙනුවෙන් දායකත්වය ලබාදීමට එකඟ වී තිබේ. මෙම දත්ත රැස් කිරීමට නව මෘදුකාංග යොදා ගැනීමට එම දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

Trending

Exit mobile version