පුවත්

අදානිගේ  සුළං බලාගාර දෙකට උපයෝගීතා කොමිසමේ අවසරය නැහැ

Published

on

ඉන්දීය අදානි සමාගමේ යෝජිත පුනරීන් සහ මන්නාරම සුළං බලාගාර දෙක සඳහා පවතින තත්ත්වය යටතේ අවසර දීමට නොහැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව දන්වා තිබේ.

ඒ අනුව මහජන උපයෝගීතා කොමිෂන් සභාව දැනුම් දී ඇත්තේ, පාරිසරික බලපෑම් තක්සේරුවේ ප්‍රතිඵල සහ මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිකුත් කරන ලද පාරිසරික බලපත්‍රයේ විස්තර ඇතුළු තවත් තොරතුරු ඉදිරිපත් කරන ලෙසය.

පුනරීන් සහ මන්නාරම සුළං බලාගාර සඳහා ඉන්දීය අදානි සමාගමට ආයෝජන මණ්ඩලයේ අනුමැතිය සහිත ලිපිය පසුගිය වසරේ පෙබරවාරි 23 වැනිදා ලබා දී තිබුණි.

එහිදී ප්‍රකාශ කෙරුණේ, ඩොලර් මිලියන 442ක ආයෝජන ව්‍යාපෘතියක් වන මෙමගින්, මෙගාවොට් 350ක ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කිරීමට නියමිත බවය.

කෙසේවෙතත්, පුනරීන් සහ මන්නාරම සුළං බලාගාර දෙක සඳහා අවසර ලබාදීමට නම් තවත් පැහැදිලි කිරීම් හා තොරතුරු රැසක් කොමිසම වෙත අවශ්‍යව ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව දන්වා තිබේ.

Trending

Exit mobile version