Connect with us

පුවත්

අදානිගේ සුළං බලාගාර ව්‍යාපෘතිය ගැන පරිසර අධිකාරිය ජනතාවගේ වාචික අදහස් ගන්න යයි

Published

on

අදානි හරිත බලශක්ති ශ්‍රී ලංකා සමාගම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති සුළං බලාගාර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනතාවගේ වාචික අදහස් විමසීමට (Public hearing) මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර ඇතැයි  BBC සිංහල සේවය වාර්තා කර තිබේ.

ඒ ගැන ලිඛිත අදහස් දැක්වීම සඳහා මාර්තු 06 තෙක් ඉඩ ලබා දී ඇතැයි ද පැවසේ.

”විද්‍යඥයින්, පරිසර සංවිධාන සහ මේ ගැන උනන්දුවක් දක්වන විශාල පිරිසක් අපිට ලිඛිත අදහස් දැක්වීම් කරලා තියෙනවා. අපිට දැන් තියෙන්නේ මේ අදහස් සියල්ල ව්‍යාපෘතිය යෝජක පාර්ශවය වන ශ්‍රී ලංකා සුනිත්‍ය බලෂකිති අධිකාරිය වෙත යවලා නැවත තාක්ෂණික පැහැදිලි කිරීම් සඳහා ඉදිරිපත් ක‍රන්න. ජනතාව අපෙන් ඉල්ලා තියෙනවා වාචිකවත් අදහස් දක්වන්න අවස්ථාවක් දෙන්න කියලා. අපි ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා ඒකටත් අවස්ථාවක් ලබා දෙන්න.” යනුවෙන් මධ්‍යම පරිසර අධිකාරියේ, පරිසර කළමනාකරණ හා ඇගයීම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එන්. එස් ගමගේ BBC සිංහල සේවයට පැවසුවේය.

මේ අතර දැනටමත් මන්නාරමේ ඉදි කර ඇති සුළං බලාගාර නිසා අලුතින් ගංවතුර තර්ජනයක් හා පානීය ජල අර්බුදයක් මතු වී ඇති බවත් සංක්‍රමණික කුරුල්ලන්ට වන බලපෑම නිසා ඉදිරියේ දී සංචාරක කර්මාන්තයට ද දැඩි බලපෑමක් එල්ල විය හැකි බවට ජනතාව පවසති.

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මෙම ව්‍යාපෘතියේ, ව්‍යාපෘති යෝජකයා ලෙස කටයුතු කරයි. 2030 වසර වන විට මෙරට සමස්ත විදුලිබල උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය විදුලියෙන් උත්පාදනය කිරීම ශ්‍රී ලංකාවේ ඉලක්කය වේ.

පුවත්

වෙඩිතබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු හමුවෙයි

Published

on

By

මිද්දෙණිය, තෝරකොළයාය ප්‍රදේශයේදී පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, එලෙස ඝාතනය වී ඇත්තේ අවුරුදු 25ත් – 30ක් අතර වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙකු බවය.

අද (25) උදෑසන මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර, මේ වනවිට විශේෂ පරීක්ෂණ කණ්ඩායම් තුනක් මිද්දෙණිය පොලීසිය සමග එක්ව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

වෙඩිතැබීම කුමන හේතුවක් මත කවුරුන් විසින් සිදුකර ඇත්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

Continue Reading

පුවත්

ඉන්ධන හිඟයක් නැහැ

Published

on

By

රට තුළ කිසිදු ආකාරයක ඉන්ධන හිඟයක් ඇති නොවන බවට සහතික වන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පැවසුවේ, මාස 2 කාලයක් සඳහා අවශ්‍ය ඉන්ධන ඇනවුම් මේ වනවිට සහතික කර ඇති බවය.

“ජනතාවට කියන්න ඕනේ කිසිදු ගැටලුවක් නැතුව තව මාස දෙකකට අවශ්‍ය තෙල් අපි ඇනවුම් කරලා තියෙනවා. ඒ ඇනවුම් සහතික වෙලා තියෙනවා. මේ රටේ කිසිම හේතුවක් නිසා තව මාස දෙකක් වෙනතුරු කිසිදු තෙල් හිඟයක් ඇති වෙන්නේ නැහැ. එතකොට ගැටලුව තියෙන්නේ අපිට තෙල් ලැබෙන්නේ මොන මොන තැන්වලින් ද කියලා. එතකොට යුද්ධයේ බලපෑමක් තියෙනවාද කියන එක තමයි ඊට පස්සේ අපි බලන්න ඕනේ.”

පවතින තත්ත්වය හමුවේ නීතිවිරෝධී ලෙස ඉන්ධන සංචිත රැස්කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බව ඩී. ජේ. රාජකරුණා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

“අපි ළඟ තියෙන වාර්තා අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් වැඩි ප්‍රමාණයක් ආනයනය කරන්නේ යුද්ධය තියෙන කලාපයෙන් නෙමෙයි. එම තෙල් අපිට එන්නේ මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දියාවේ සිකාවලින්. එකම එකක් තිබුණා ඕමාන්වලින් ආනයනය කළා. ඒකත් හෝමූස් සමුද්‍ර සන්දිය වසා දැම්මත් අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. අපි එකේ සැපයුම්කරුවන්ට කතා කරලා ඒක සම්පූර්ණ තහවුරු කරන්න ඉන්නේ. ඩීසල් ගත්තා සම්පුර්ණ එහෙමයි යුදමය කලාපයෙන් නෙමෙයි අවසන් නිමැයුම් හැටියට අපිට ලැබෙන්නේ.”

Continue Reading

පුවත්

හොරණ – කොළඹ පෞද්ගලික බස් ධාවනයෙන් ඉවතට

Published

on

By

හොරණ – කොළඹ මාර්ග අංක 120 පෞද්ගලික බස් රථ අද (25) දින ධාවනවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

ඒ අසාධාරණ ලෙස බස් රථයක් යෙදවීමට විරෝධය දක්වමින්ය.

වර්ජනය හේතුවෙන් අපහසුතාවට ලක්ව සිටින මගීන් වෙනුවෙන්  ලංගම බස් රථ යෙදීමට කටයුතු කර  තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved