Connect with us

පුවත්

අදානි රජයක්ද? ; සුළං විදුලි ව්‍යාපෘතිය අච්චාරු වෙයි

Published

on

ඉන්දියානු රජය සහ ශ්‍රි ලංකා රජය අතර ගනුදෙනුවක් සේ මවා පෙන්වමින් ඉන්දියාවේ අදානි සමාගමට ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ සුළං විදුලි ව්‍යාපෘතියක් ස්ථාපනය කිරිමට අවස්ථාව ලබා දිමේ නිතිවිරෝධි ක්‍රියාවලිය සම්බන්ධයෙන් මේ වනවිට පාර්ශව රැසක විරෝධතා එල්ල වී තිබේ. 

එම පාර්ශවයන් විසින් මුලිකවම ඉල්ලා සිටින්නේ එකි ගනුදෙනුවට අදාළ වන ගිවිසුම් මොනවාදැයි රටට හෙළිකරන ලෙසය.

ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවට අනුව ශ්‍රී ලංකා වෙරළ  තීර විදුලි ජනන හැකියාව මෙගාවොට් 56000ක් බවත් ඒ අතුරින් වැඩිම විදුලි ධාරිතාවක් නිපදවිය හැක්කේ මන්නාරම බොක්ක ආශ්‍රිත ප්‍රදේශ 2ක බවත් පෙන්වා දි ඇත.

ඊට අනුව මන්නාරම සහ පුනරීන් යන ප්‍රදේශවල සුළං බල විදුලි ජනන ව්‍යාපෘති ඉදි කිරිමට ඉන්දියාවේ අදානි සමාගමට ලබා දී ඇති අතර අදාළ ව්‍යාපෘති වල මුළු ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 442 කි.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ප්‍රථම ශක්‍යතා අධ්‍යනයක් සිදුකිරිම සඳහාත් සහ ඒ සම්බන්ධ ඉදිරි පියවර ගැනීමට අවශ්‍ය මුලික කරුණු ද ඇතුලත් කර 2022 මාර්තු 11 වැනිදා එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකාවකට ලද අනුමැතියෙන් පසුව අදාළ ගිවිසුමට අත්සන් කරන ලදි.මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වන අදානි ග්‍රීන් එනර්ජි ලිිටඩ් සමාගම ඉන්දියානු රජය විසින් ශ්‍රි ලංකා රජය වෙත හඳුන්වා දි ඇති බව 

එම කැබිනට් පත්‍රිකාවේ පැහැදිලිව සඳහන් කරුණකි.

එම කැබිනට් පත්‍රිකාවට යටතේ පසුගිය අගෝස්තු මස 14 වැනිදා තවත් කැබිනට් පත්‍රිකාව් මඟින් අවධාරණය කර ඇත්තේ ⁣එම ව්‍යාපෘතිය රජයකින් රජයකට(G to G)සේ සලකා බැලිය හැකි බවයි.

මෙලෙස G to G ව්‍යාපෘතියක් ලෙස අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඊට නිත්‍යානුකූලභාවයක් ලබා දිමේ අවශ්‍යතාවයි.

ශ්‍රි ලංකාවේ පවතින විදුලිබල මණ්ඩල පණතට අනුව මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කල හැක්කේ අකාර 02කින් පමණකි.

තරඟකාරි විවෘත ලන්සු කැඳීමේ ක්‍රියාවලියක් හරහා වඩා වාසි සගහත ආයතනයක් තෝරා ගැනීම ඉන් එක් ක්‍රමයක් වන අතර අනෙක් ක්‍රමය වන්නේ විදේශ රජයකින් ශ්‍රි ලංකා රජයට යෝජනා කිරිමයි.

එහෙත් තරඟකාරි ලන්සු කැඳවමින් වඩා වාසි සහගත ලෙස ක්‍රියාතිමක කිරිමට තිබු යෝජනාවක් කිසිදු ලන්සු කැඳීමකින් තොරව තනි සමාගමකට ලබා දිමේ කූට උපක්‍රමය වනුයේ රජයකින් රජයකට (G to G)) කරන යෝජනාවක් සේ සලකා අදානි ග්‍රීන් එනර්ජි සමාගමට අදාළ ව්‍යාපෘතිය ලබා දිමයි.

අදානි සමාගම ඉන්දිය රජය සේ සලකා ක්‍රියාකල හැකිද යන්න පිලිබඳව මේ වන විට පාර්ශව රැසකින් චෝදනා එල්ල වි තිබේ.

මූලාශ්‍රය – නිවුස් ෆස්ට්

පුවත්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති

Published

on

By

සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවය.

අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන, ප්‍රශ්න කෙරෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදන වලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම පනත අහෝසි කිරීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

Continue Reading

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved