Connect with us

පුවත්

අදින් සා/ පෙළ ඉවරයි ; ලබන පාසල්වාරය 12දා සිට

Published

on

ලබන පාසල් වාරය 12 වැනි දා ආරම්භ වේ.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ, ළමුන්ට බෙදා දීම සඳහා මේ වනවිට පෙළපොත් සහ නිල ඇඳුම් රෙදි පාසල්වලට ලබා දී ඇති බවයි.

නමුත් ඇණවුම් කළ පෙළපොත් සහ නිල ඇඳුම් රෙදි ලැබී නොමැති පාසල්වලට ඒ පිළිබඳ ලබන 12 වැනි දායින් පසු දැනුම් දිය හැකි බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ අතර, අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අදින් (08) අවසන්වීමට නියමිතය.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේය මෙවර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,568කදී පැවැත්වූ බවයි.

ක්‍රීඩා

කාන්තා T-20 ලෝක කුසලාන කාල සටහන එළිදක්වයි

Published

on

By

එංගලන්තයේ පැවැත්වීමට නියමිත 2026 විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තරග කාල සටහන ඊයේ (18) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කිරීම සිදුවිය.

මෙම තරගාවලියේදී කණ්ඩායම් 12ක් මෙවර තරගාවලියට කාණ්ඩ දෙකක් යටතේ සහභාගී වන අතර ක්‍රීඩාංගණ 7කදී තරග පැවැත්වීමට නියමිතය. 

මෙහිදී ‘ඒ’ කාණ්ඩයෙන් ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, පාකිස්තානය සහ සුදුසුකම් ලබන කණ්ඩායම් දෙකක් ද, ‘බී’ කාණ්ඩයෙන් බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්තය, නවසීලන්තය, ශ්‍රී ලංකාව සහ සුදුසුකම් ලබන කණ්ඩායම් දෙකක් මෙහි අන්තර්ගත වෙයි.

කණ්ඩායම් 6කින් සමන්විත කාණ්ඩවල මූලික වටයේ තරගවලින් අනතුරුව එක් එක් කාණ්ඩයන්හි ඉහළම ප්‍රසාද ලකුණු හිමිකරගන්නා කණ්ඩායම් යුගලය අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබයි.

ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ ජුනි 12 වැනිදා ආරම්භක තරගයේදී සත්කාරක එංගලන්ත කාන්තා කණ්ඩායම සමග එඩ්ග්බැස්ටන් හි දී තරග වැදීමට නියමිතය. 

එසේම ජුනි 16 වැනිදා ශ්‍රී ලංකාව නවසීලන්ත කණ්ඩායම සමග හැම්ෂයර් බෝල් ක්‍රීඩාංගණයේදීත්, ජුනි 21 වැනිදා ශ්‍රී ලංකාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග බ්‍රිස්ටල් ප්‍රාන්ත ක්‍රීඩාංගණයේදීත් පැවැත්වෙන අතර ජුනි 23 වැනිදා සහ 26 වැනිදා සුදුසුකම් ලබන කණ්ඩායම් සමග තරග පැවැත්වේ.

තරගාවලියේ අවසන් පූර්ව තරග ජුනි 30 වැනිදා සහ ජූලි 2 වැනිදා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. අවසන් මහා තරගය ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ජූලි 5 වැනිදා පැවැත්වීමට නියමිතය.

Continue Reading

පුවත්

පාර්ලිමේන්තුවේ ඉන්න බැරිවුනේ රිය අනතුරක් වුන නිසා – අජිත් 

Published

on

By

 ඊශ්‍රායල හා ඉරානය අතර ඇතිව තිබෙන නොසන්සුන්කාරී වාතාවරණය පිළිබඳ විවාදය සඳහා වන යෝජනාව ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා සභාගර්භයේ නොසිටීම හේතුවෙන් අද පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

ෆේස්බුක් සජීවී වීඩියෝවක් එක්කරමින් පෙරේරා මහතා පසුව පවසා තිබුණේ පාර්ලිමේන්තුවට පැමිණෙන අතරතුරේදී තමා ගේ වාහනය රිය අනතුරකට ලක්වීම හේතුවෙන් තමාට පාර්ලිමේන්තුවට පැමිණීමට විනාඩි 04ක පමණ ප්‍රමාදයක් සිදුවූ බවයි.

රිය අනතුරෙන් තමාට හෝ වෙනත් කිසිවෙකුට තුවාල නොවූ බවද ඔහු මෙහිදී පවසා තිබුණි.

මේ හේතුවෙන් ඉහත යෝජනාව ඉදිරිපත් කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් කණගාටුව පළ කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

සබැඳි පුවත් :

Continue Reading

ක්‍රීඩා

වැස්සෙන් පසු බංග්ලාදේශය අසරණ වෙයි

Published

on

By


ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනට අද (18) තරගය නතරකරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි බංග්ලාදේශය කඩුලු 9ක් දැවී ලකුණු 484ක් රැස්කරගෙන සිටියේය.

තරගයේ දෙවන දිනට අද (18) තරගය ආරම්භ කරන විට බංග්ලාදේශය කඩුලු 3ක් දැවී ලකුණු 292ක් රැස්කරගෙන ප්‍රබල තත්ත්වයක සිටියත්, මුලු ලකුණු 309ක් වනවිට ලකුණු 148ක් රැස්කරගෙන සිටි ශාන්ටෝ දැවී ගියයේය.

කෙසේ වෙතත් එම දවාගැනීමේ වාසි අත්කරගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි විය.

4වන කඩුල්ලට පිටියේ එක් වූ ලිටන් දාස්, ඒ වනවිට ලකුණු 110ක් රැස්කරගෙන සිට මුෂ්ෆිකර් රහීම් සමගින් එකව අගාන ලකුණු සබඳතාවක් ගොඩනැගූහ.

ඔවුන් දෙදෙනාට බංග්ලාදේශ ඉනිම මුලු ලකුණු 423ක් දක්වා ඉදිරියට රැගෙන යාමට හැකිවූහ.

කෙසේ වෙතත් රහීම් – දාස් 5වන කඩුල්ලට ලකුණු ලකුණු 114ක් සබඳතාවක් පවත්වාගෙන සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය.

ඒ හේතුවෙන් තරගය බොහෝ වේලාවක් ප්‍රමාද වූ අතර, නැවත තරගය ආරම්භවීමේදී පෙර රිද්මයෙන් ඉනිම ගොඩනැගීමට රහීම් – දාස්ට නොහැකි විය.

වැස්සෙන් පසු බංග්ලාදේශ ඉනිමට ලකුණු 35ක් එක් වද්දී ලකුණු 163ක් රහීම් දාවී ගිය අතර, ඉන් ලකුණු 26ක් එකතුවද්දී තවත් කඩුලු 4ක් දවාගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

මෙහිදී ලිටන් දාස්ගේ ඉනිම ලකුණු 90කට සීමා විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අසිත ප්‍රනාන්දු (3/80), මිලාන් රත්නායක (3/38) හා තරිඳු රත්නායක (3/196) කඩුලු 3 බැගින් දවාගත්තේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved