පුවත්

අද, අමෙරිකානු වෙළෙඳ නියෝජිතයින් සහ කමිටුව අතර තීරු බදු ගැන  සාකච්ඡාවක්

Published

on

අමෙරිකානු තීරු බදු පිළිබඳ අධ්‍යයනය කිරීමට පත් කළ කමිටුවේ සාමාජිකයින් සහ අමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලයේ සාමාජිකයින් අතර හමුවක් අද(08) දිනයේ පැවැත්වීමට නියමිතය.

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකා රජයේ යෝජනාවලිය එහිදී ඔවුන් ඉදිරිපත් කිරීමට නියමිත බවය.

සෑම රටකින්ම ගෙන්වන භාණ්ඩ සඳහා අමෙරිකාව පැනවූ, 10% ක තීරු බද්ද, පසුගිය 05 වැනිදා සිට ක්‍රියාත්මක වේ.

අන්‍යෝන්‍ය ගැලපීම මත සකස් කළ තීරු බදු හෙට(09) සිට ක්‍රියාත්මක වේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ තීරු බදු ලිහිල් කර ගැනීම සම්බන්ධයෙන් රටවල් 50ක් පමණ අමෙරිකාව සමග වෙළෙඳ සාකච්ඡා ආරම්භ කර ඇති බවය.

කෙසේ වෙතත් අමෙරිකානු වාණිජ ලේකම් හොවාර්ඩ් ලුට්නික් අවධාරණය කර ඇත්තේ සැලසුම් කළ පරිදි නව තීරු බදු ක්‍රියාත්මක කරන බවය.

Trending

Exit mobile version