Connect with us

පුවත්

අද ඇරඹි සුව සේවක වැඩ වර්ජනයට වෘත්තිය සමිති 72ක් එකතු වෙලා

Published

on

වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් තිස්පන් දහසක දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය සේවාවේ වෘත්තිය සමිති 72ක සේවකයෝ අද (16) දිවයින පුරා රෝහල්වල වැඩවර්ජනයක නිරත වෙති.

මෙම වර්ජනය පිළිබඳ සාකච්ජා කිරීමට සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ සෞඛ්‍ය වෘත්තිය සමිති සාමාජිකයින් හට අද (16) පෙරවරුවේ සාකච්ජාවක්ද ලබා දීමට එකඟ වී තිබේ.

මෙම වැඩවර්ජනය අද (16) උදෑසන 6.00ට සිට ආරම්භ කර ඇති අතර, ඇමැතිවරයා සමග පවත්වන සාකච්ජාවේදි ලබා දෙන ප්‍රතිචාර මත ඉදිරි පියවර ගැනීමට සැලසුම් කරන සෞඛ්‍ය වෘත්තිය සමිති පවසයි.

වර්ජනයට එක්වන සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක නිලධාරින්ගේ අත්සනින් සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ වෙත පසුගියදා ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියේ සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා රුපියල් තිස්පන් දහසේ දීමනාව ලබා දීම පිළිබඳ කඩිනම් සාකච්ජාවක් ලබා දෙන ලෙසයි.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා අද (16) පෙරවරු 11.00ට සාකච්ජාවක් ලබා දී ඇත.

ඒ සෞඛ්‍ය වෘත්තිය සමිති 72කට වෙන් වෙන් වශයෙනි .

එහෙත් සෞඛ්‍ය වෘත්තිය සමිති අවධාරණය කර සිටින්නේ වෘත්තිය සමිති හැත්තෑ දෙකේ නිලධාරින්ට එක්ව සාකච්ජාවක් ලබා දිය යුතු බවයි.

එසේ නොමැති වුවහොත් ඇමැතිවරයා කැඳවා ඇති සාකච්ජාව වර්ජනය කිරීමට වෘත්තිය සමිති සැලසුම්කර ඇත.

මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සඳහා ජීව වෛද්‍ය ඉංජිනේරු සේවය , පරිපුරක වෛද්‍ය සේවාවට අයත් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ , විකිරණ විද්‍යා තාක්ෂණවේදින් , ඖෂධවේදින් , භෞත චිකිත්සකයින් ,විකිරණ ප්‍රතිකාරවේදි , ශ්‍රවණවේදින් ඇතූළු සේවාවන්ද ,අතුරු වෛද්‍ය සේවාව අයත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරු ,පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් , ඖෂධ සංයෝජකයින් , අක්ෂි තාක්ෂණවේදින් , කීට විද්‍යා නිලධාරින් , පාසල් දන්ත චිකිත්සකවරුන් , දන්ත කාර්මික ශිල්පීන් , විද්‍යුත් නිකර්පණ රේඛණ ශිල්පීන් , විද්‍යුත් තන්තු රේඛණ ශිල්පීන් , සෞඛ්‍ය පරිපාලන නිලධාරින් , ආහාර සහ ඖෂධ පරීක්ෂකවරු ,මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරින් සෞඛ්‍ය ගිලන්රථ රියදුරු සේවාව ,සුළු සේවක පාලක ,උපස්ථායක , අරක්කැමිවරුන් ,දුරකථන ක්‍රියාකරුවන් ,නිවාස පාලකවරුන් ,රසායනාගාර සේවකයින් සහ සෞඛ්‍ය සහායක සේවාවන්ට අයත් වෘත්තිය සමිති 72ක සමාජිකයෝ එක් වෙති .

එසේම රෝගීන් පත්වන දැඩි අපහසුතාවය සැළකිල්ලට ගනිමින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමර්ගය තුළදී සියලු පිළිකා රෝහල් ,මාතෘ රෝහල් , වකුගඩු රෝහල් ,මධ්‍යම ලේ බැංකුව , මානසික සෞඛ්‍ය විද්‍යාතනය යන ආයතන තුළ ස්වේච්ජා පදනම මත සේවා සැපයීමට කටයුතු කරන බවත් සියලුම රෝහල්වල හදිසි සහ අත්‍යාවශ්‍ය සේවා සැපයීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය දැනුම් දෙයි.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved