අද (06) උදෑසන දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ විදුලි සැපයුම බිඳ වැටීමට හේතු වී ඇත්තේ බියගම-පන්නිපිටිය ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ගයේ සිදුවූ අනතුරක් බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
කොළඹ, කළුතර සහ අවට ප්‍රදේශ රැසක අද උදෑසන හදිසි විදුලිය බිඳ වැටීමේ සිදුවීම් වාර්තා විය.
බියගම – පන්නිපිටිය ප්‍රධාන විදුලි රැහැනක සිදු වූ කාන්දුවක් මෙම විදුලි බිඳ වැටීම් සඳහා හේතු වී තිබේ.
මේ වන විට, ගැටලුව විසඳීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ කණ්ඩායම් යොදවා ඇති අතර මේ වන විට බලපෑමට ලක් වූ ප්‍රදේශවලට විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කර ඇති බවද එම මණ්ඩලය පවසයි.