අඳුරේ පමණක් ඔබව හැරදා ගිය ඔබගේ සෙවණැල්ල මහ දවාලක හොඳින් ආලෝකය ඇති මොහොතකත් ඔබව හැරදා ගියොත්? අද (07) එවන් දවසක්. එනම් Zero Shadow දිනයක්.
අද (07) දහවල් 12.12ට එය සිදුවන බවත් තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා පවසයි.
පෘථිවිය තම පාලකයා වන සූර්යයා වටා ගමන් ගැනීමේදී වසරකට දෙවතාවක් මෙවන් අවස්ථාවක් උදාවන බව සඳහන්ය.
අද (07) උදෑසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් පරිදි
දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 14 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද දින (07) දහවල් 12:12 ට කොළඹ, අවිස්සාවේල්ල, තලවකැලේ, දිඹුල, ගලකුඹුර සහ දඹගල්ල යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත.