අද දෙමව්පියන්ගේ දිනය යිඅද ගෝලීය දෙමාපියන්ගේ දිනය ( Global Day of Parents) යි.
දෙමාපියන් පිළිබඳ ගෝලීය දිනය සෑම වසරකම ජුනි මස 01 වන දිනට යෙදී ඇත. මෙම දිනය 2012 වසරේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ A/RES/66/292 ප්‍රඥප්තිය යටතේ ලොව පුරා දෙමව්පියන්ට ගෞරව පිරිනැමීම සඳහා ප්‍රකාශයට පත් කරන ලදී.
ගෝලීය දෙමාපියන්ගේ දිනය මඟින් මාපිය දූදරු සම්බන්ධතාව අර්ථවත් කරමින් ඔවුන්ගේ ජීවිත කාලය පුරාම ළමුන් පෝෂණය කරමින් සහ ළමුන් වෙනුවෙන් සිය පරාර්ථකාමී කැපවීම සඳහා ලෝකයේ සතර දිග්භාගයේ ම වෙසෙන දෙමාපියන් අගය කිරීමට අවස්ථාවක් සපයයි.
මෙම දිනය ප්‍රකාශයට පත් කරමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සඳහන් කරන්නේ පවුලේ දරුවන්ගේ පෝෂණය හා ආරක්ෂාව සඳහා මූලික වගකීම ඇත්තේ දෙමාපියන්ට බවත් දරුවන්, ඔවුන්ගේ පෞද්ගලිකත්වය පූර්ණ හා සාමූහිකව සංවර්ධනය සඳහා පවුලේ පරිසරය තුළ සතුට සහිත වාතාවරණයක් වර්ධනය කළ යුත්තේ ද දෙමාපියන් බවත් ය.
දරුවන් ඇති දැඩි කිරීම දෙමාපියන්ගේ භූමිකාව හඳුනා ගෙන විශේෂයෙන් තරුණ පිරිස සහ ළමයින් සම්බන්ධ කරගනිමින් මුළුමහත් සමාජය සමඟ එක්ව මෙම දිනය සැමරීම සඳහා මෙම ප්‍රඥප්තිය මඟින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල්වලට ආරාධනා කර සිටියි.