Connect with us

පුවත්

අද ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි

Published

on

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව, ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

පුවත්

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති පුටුවට උණුසුම් තරඟයක්

Published

on

By

පළාත් පාලන ආයතන අතරින් වඩා වැඩි අවධානයක් යොමු වී ඇති කොළඹ මහ නගර සභාවේ බහුතර මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් ලබා ගනිමින් ජය ගැනීමට ජාතික ජන බලවේගය සමත් විය.

නමුත් කොළඹ මහ නගර සභාවේ සම්පූර්ණ සභික සංඛ්‍යාවෙන් 50%ක් හෝ ඊට වැඩි ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් නගරාධිපති සහ උප නගරාධිපති ධූර සඳහා සාමාජිකයින් නම් කිරීමේ අවස්ථාව එම පක්ෂයට අහිමිව ඇත.

කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී ධූර බෙදීයාම

කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී ධූර 117න් 48ක් ජාතික ජන බලවේගයට හිමි වූ අතර සමගි ජන බලවේගයට ආසන 29ක් සහ  එක්සත් ජාතික පක්ෂයට ආසන 13ක් ද හිමිවිය.

ඊට අමතරව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධූර 05ක්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ආසන 04ක්, ස්වාධීන කණ්ඩායම අංක 03ට මන්ත්‍රී ධූර 03ක් සහ සර්ව ජන බලය පක්ෂයට ආසන 02ක් හිමි වූ අතර ස්වාධීන කණ්ඩායම් අංක 04 සහ අංක 05 ආසන 02 බැගින් දිනා ගෙන තිබේ.

ජාතික නිදහස් පෙරමුණ, පොදුජන පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය, ජාතික ජනතා පෙරමුණ, එක්සත් ජනරජ පෙරමුණ මෙන් ම ස්වාධීන කණ්ඩායම 01 සහ දෙක 02 මන්ත්‍රී ධූරය බැගින් දිනා ගැනීමට සමත් විය.

කොළඹ නගරාධිපති වෙනුවෙන් තවත් ඡන්දයක්

එක් පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් මුළු මන්ත්‍රී ධූර සංඛ්‍යාවෙන් 50%ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් හිමි කර ගැනීමට අසමත් වීම හේතුවෙන් පළාත් පාලන කොමසාරිස්වරයාගේ මූලිකත්වයෙන් පළමු සභා වාරය කැඳවා ඡන්දයක් පවත්වා නගරාධිපති සහ උපනගරාධිපති තෝරා ගැනීමට සිදුවන බව Accountability Lab In Asia ආයතනයේ විධායක අධ්‍යක්ෂ, හිටපු නියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස් ධර්මසිරි නානායක්කාර මහතා පෙන්වා දෙයි

කොළඹ මහ නගර සභාවට නියමිත මන්ත්‍රී ධූර සංඛ්‍යාව 110ක් බවත් මෙවර ප්‍රතිඵල අනුව එය 117ක් දක්වා වැඩි වී ඇති බවත් ඔහු සඳහන් කළේ ය.

“පත්වූ මන්ත්‍රී ධූර සංඛ්‍යාවෙන් 50%ක් කාටවත් නැහැ දැන්, ඒ නිසා පළාත් පාලන කොමසාරිස්වරයා පළමු සභා රැස්වීම කැඳවිය යුතු යි. 

පළමු සභා රැස්විමේදී නගරාධිපති විය යුත්තේ කවුද කියලා යෝජනා අරගෙන ඡන්දය තියන්න ඕනේ කොමසාරිස්වරයා.”

කොළඹ නගරාධිපති පුටුව මාලිමාවෙන් ගිලිහෙයි ද?

කොළඹ මහ නගර සභාවට තේරී පත්ව ඇති විපක්ෂ කණ්ඩායම්වල එකඟතාව මත ජාතික ජන බලවේගයට එරෙහිව එක් අපේක්ෂකයෙකු නගරාධිපති ධූරයට නම් කර ඔහු 50%කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගතහොත් නගරාධිපතිවරයා වීමේ හැකියාව පවතින බව හිටපු නියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.

විපක්ෂ කණ්ඩායම් එකතු වුවහොත් ජාතික ජන බලවේගය මන්ත්‍රී ධූර 48ක් ලබා ගත්ත ද නගරාධිපති ධූරය අහිමි වීමේ අවදානමක් පවතින බව ඔහු පෙන්වා දුන්නේ ය.

“විපක්ෂයේ ඔක්කොම එකතු වුණොත්, හොඳ නගරාධිපතිවරයෙක් හෝ වරියක් නම් කළොත් එතනට අනිත් මන්ත්‍රීවරුත් ඡන්දය දෙන්න පුළුවන්.”

කෙසේ නමුත්, නාම යෝජනා කිහිපයක් ඉදිරිපත් වුවහොත් ඉන් එක් අපේක්ෂයෙකු 50%ක් හෝ ඊට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා තුරු ඡන්ද විමසීමේ ක්‍රමවේදයක් පවතින බව ඔහු කියා සිටියේය.

කොළඹ බලය සජබට ගන්න එජාපයෙත් සහය

කොළඹ මහ නගර සභාවේ බලය ලබා ගැනීමට මේ වන විට තියුණු තරගයක් නිර්මාණය වී තිබේ. 

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කියා සිටියේ සිය පක්ෂය අනෙකුත් කණ්ඩායම් සමග එක්වී කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවන බව ය.

“අපි බලය ගන්න උත්සහ කරනවා විපක්ෂ කණ්ඩායම් එක්ක එකතු වෙලා. ඒගොල්ලන්ට තියෙන්නේ 48යි, 48න් බැහැ නගර සභාවේ බලය හදන්න ඒකට 60ක් ඕනේ.”

සමගි ජන බලවේගයට කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂයේ සහය ද ලබා දීමට එකඟ වී ඇතැයි මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.‘කොළඹ බලය වෙන කාටවත් දෙන්නේ නැහැ’

කොළඹ නගර සභාවේ බලය ලබා ගැනීමේ ඉදිරි කටයුතු ගැන සඳහන් කරමින් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා කියා සිටින්නේ, “අනිවාර්යයෙන් ම කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවනවා. ඒක ඉතින් වෙන කාටවත් දෙන්නේ නැහැ,” යනුවෙනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, 
“අපි තමයි වැඩියෙන් ම කොළඹ නගර සභාවේ කණ්ඩායම ගත්තේ. ඒ කණ්ඩායමට සමාන කරන්න වෙන කණ්ඩායමක් නෑනේ ඉතින්. යම් අඩුවක් තියෙනවා, මන්ත්‍රීවරුන් ලෙස යම් යම් අය සාකච්ඡා කරගෙන යනවා. දේශපාලන පක්ෂ ලෙස නෙමෙයි.”

මෙවර ජාතික ජන බලවේගය කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධූර අපේක්ෂිකාව ලෙස ව්‍රායි කැලී බල්තසාර් නම් කරන ලද අතර කොළඹ පුරපති සටනට සමගි ජන බලවේගයෙන් ආචාර්ය වෛද්‍ය රුවේස් හනීෆා යෝජනා කර තිබිණි.

Continue Reading

පුවත්

ආනන්ද විජේපාලට එරෙහි රීට් පෙත්සම නිෂ්ප්‍රභයි

Published

on

By

අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දු කොට ඔහුගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් ඉල්ලා ගොනු කළ රීට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය විසින් අද නියෝග කරන ලදී.

Continue Reading

පුවත්

පළාත් පාලන ඡන්දයේදී ජාතික ජන බලවේගයට ජය

Published

on

By

පළාත් පාලන ඡන්ද විමසීමේ සමස්ථ ප්‍රථිපලය මේ වනවිට නිකුත්ව අවසන්ය.

මහා නගර සභා 28ක්, නගර සභා 36ක් සහ ප්‍රාදේශීය සභා 275ක් ඇතුළු පළාත් පාලන ආයතන 339ක් සඳහා නියෝජිතයන් 8,000කට වැඩි ප්‍රමාණයක් තෝරා ගැනීම සඳහා මෙම ඡන්ද විමසීම පැවැත්විණි. 

කල්මුණේ නගර සභාව සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර සෙසු පළාත් පාලන ආයතන සඳහා පමණක් මෙය පැවැත්විණි.

ජාතික ජන බලවේගය ඡන්ද 4,503,930 (43.26%) ප්‍රමාණයක් දිනා ගනිමින් සභිකධූර 3927ක් දිනාගෙන තිබේ.

සමගි ජන බලවේගය ඡන්ද  2,258,480 (21.69%) හා සභිකධූර 1767 ක් දිනා ගත්තේ ය.

පොදුජන පෙරමුණ ඡන්ද 954,517 (9.17%) දිනා ගනිමින් සභිකධූර 742ක් දිනාගෙන තිබේ.

අවසන් ප්‍රතිඵල අනුව 50%ට වැඩි ඡන්ද ලබා ගත් ආයතන 82ක් ජාතික ජන බලවේගය විසින් හිමිකරගෙන ඇති අතර ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය විසින් ආයතන 02ක් හිමිකරගැනීමට සමත්ව තිබේ.

සමස්ථ ප්‍රතිඵල විස්තරය පහතින් දැක්වේ.

https://www.bbc.com/sinhala/articles/czx4vxvrdl4o

නිල ප්‍රතිඵල අනුග්‍රහය – BBC සිංහල

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved