පුවත්

අද පාර්ලිමේන්තුව රැස්වේ

Published

on

පාර්ලිමේන්තුව අද (22) ‌පෙ.ව 9.30ට රැස්වීමට නියමිතය.

පසුගිය මැයි 14 වනදා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය  විය.

පසුගිය මැයි 14 දිනැතිව ගැසට්පත්‍රයේ පළ ‍කර ඇති ‘ආර්ථික පරිවර්තන’ සහ ‘රාජ්‍ය මූල්‍ය කළමනාකරණ’ නැමැති පනත් කෙටුම්පත් දෙක අද පළමුවර කියවීම පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

පෙව 9.45 සිට පව 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය විසින් ඉදිරිපත් කිරීමට නියමිත සභාව කල්තැබීමේ යෝජනාවට අනුව විවාදය පැවැත්වීමට ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබේ.

Trending

Exit mobile version