කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (06) පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.
ජූනි මස පළමු රැස්වීම් සතියේ සිව්වැනි රැස්වීම් දිනය ලෙස අද (06) පෙ.ව. 9.30ට පාර්ලිමේන්තුව රැස්විය.
පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබේ.
පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර
පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහායි වෙන් කර ඇත.
පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා කාලය වෙන් කර ඇත්තේ අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පස්දෙනෙකු සඳහා ශෝක යෝජනා ඉදිරිපත් කිරීමටය.
මේ අනුව අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරයන් වන ආර්. සම්බන්ධන්, කෝසල නුවන් ජයවීර, ජේ. ආර්. පී. සූරියප්පෙරුම, මාවෙයි සේනාධිරාජා සහ ඩොනල්ඩ් දිසානායක යන මහත්වරුන් වෙනුවෙන් එදින ශෝක යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතය.
ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ඉදිරිපත්කරනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබේ.