අයවැය කාරක සභා විවාදයේ අවසන් දිනය අදයි.
ඒ අනුව අද (21) දිනයේ මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.
විවාදය අද උදැසන 10ට ආරම්භ වන අතර පස්වරු 6ට විවාදය අවසන්වීමෙන් පසු අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම සිදුකෙරෙනු ඇත.
මෙම වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පෙබරවාරි 17 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
ඒ අනුව දින 07 කාලයක් විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවති අතර පෙබරවාරි 25වන දින දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වුණි.
එහිදි අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 109කින් සම්මත වූ අතර අයවැයට පක්ෂව ඡන්ද 155ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 46 පමණි.