අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල අඩු කිරීමට, මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබේ.
ඒ අනුව, විදුලිය බිලෙන් 21.9% මෙලෙස පහළ යන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා දැනුම් දුන්නේය.
සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේ, අද (04) සවස පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වීමෙනි.
මේ අනුව, පාරිභෝගික විදුලි බිල් වලින් අඩු වන ප්‍රතිශත මෙසේය :
- ඒකක 31ත් 60ත් අතර – 28%කින්
- ඒකක 61ත් 90ත අතර – 30%කින්
- ඒකක 91ත් 180ත් අතර – 24%කින්
- ඒකක 180ට වැඩි – 18%කින්
- ආගමික ස්ථානවලට – 33%කින්
- හෝටල් සහ කර්මාන්ත අංශවල – 18%කින්
- පොදු කාර්ය කාණ්ඩයට අයත් විදුලි බිල – 23%කින්
- රාජ්‍ය අංශය – 22%කින්
- වීදි ලාම්පු – 20%