පුවත්

අද ලෝක පරිසර දිනය යි.

Published

on

ලෝක පරිසර දිනය අදට (05) යෙදි තිබේ.

1972 වසරේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර දී එළඹුණු එකඟතාවකට අනුව සෑම වසරකම ජුනි මස 05 වනදා “ලෝක පරිසර දිනය ” ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර ශ්‍රී ලංකාව එය සමරන්නේ ‘ඵලදායී භූමි පරිහරණයෙන් සුවදායි දෙරණක්’ යන තේමාව යටතේයි.

ලෝක පරිසර දින ජාතික සැමරුම් උත්සවය සිංහරාජ උඩව ප්‍රදේශයේ පැවැත්වීමට සැලසුම් කර තිබුණද පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එය කොළඹදී පැවැත්වීමට තීරණය කර තිබේ.

එම උත්සවයේදී රත්නපුර වර්ණගලවත්ත ප්‍රදේශය ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද පරිසර අමාත්‍යංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කලේය.

Trending

Exit mobile version