උතුරු හා නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එසේම අද දිනයේදී දිවයිනේ සෙසු ප්‍ර දේශවලද සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
බස්නාහිර, මධ්‍යම හා සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් මිලි මිටර් 75ට වැඩි තද වැසි අපේක්ෂා කරන බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටයි.
මේ අතර ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.