පුවත්

අද සිට තද වැසි අඩු වෙන ලකුණු

Published

on

අද (04) සිට තද වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි.

සෙසු ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

මේ අතර වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ලබන 8 සහ 9 වැනි දා අපේක්ෂා කරන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

Trending

Exit mobile version